افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4458[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

අහෝ අන්සාර්වරුනි! නුඹලා ව නොමග ගිය තත්ත්වයේ මා නුඹලා ව දැක, පසු ව අල්ලාහ් මා විසින් නුඹලාට මග පෙන්වූයේ නැති ද? තවද නුඹලා බෙදුම්වාදීන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලා ව එක්සේසත් කළේය. තවද නුඹලා දිළින්දන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලාව ධනවත් කළේය.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් ඉබ්නු ආසිම් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.
හුනෙයින් යුද දින අල්ලාහ් තම නබිවරයාට යුද්ධයෙන් අත්පත් කර ගත් දෑ පිරිනැමූ කල්හි ජනයා අතර එතුමාණන් බෙදූහ. ඉස්ලාමයට නැඹුරු වූවන් අතර ද බෙදූහ. නමුත් අන්සාර්වරුන් හට එතුමා කිසිවක් පිරිනැමුවේ නැත. ජනයාට ලැබුණාක් මෙන් ඔවුනට නොලැබුණු බැවින් ඔවුන්ගේ සිත් තුළ කුමක් හෝ දෙයක් ඇති වූවාක් මෙන් දැණින. පසු ව එතුමාණෝ ඔවුනට දේශනාවක් කළහ. එවිට අහෝ අන්සාර්වරුනි!නුඹලා ව නොමග ගිය තත්ත්වයේ මා නුඹලා ව දැක පසු ව අල්ලාහ් මා විසින් නුඹලාට මග පෙන්වූයේ නැති ද? තවද නුඹලා බෙදුම්වාදීන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලා ව එක්සේසත් කළේය. තවද නුඹලා දිළින්දන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලාව ධනවත් කළේය. එතුමාණන් යමක් පැවසූ සෑම අවස්ථාවකම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වඩාත් උපකාරශීලීය යැයි ඔවුහු පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන්ට නුඹලා පිළිතුරු දීමට නුඹලා ව වැළැක්වූයේ කුමක් දැ?යි ඇසීය. එතුමාණන් යමක් පැවසූ සෑම අවස්ථාවකම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වඩාත් උපකාරශීලීය යැයි ඔවුහු පැවසූහ. නුඹලා සිතුවේ නම් මේ මේ දේ අප වෙත ගෙන දෙන්නැයි නුඹලා පවසන්නට තිබුණි. ජනයා එළුවන්, ඔටුවන් රැගෙන යන විට නුඹලාගේ ගමනෙහි අල්ලාහ්ගේ දූතයාණන් සමග නුඹලා පිටත් ව යෑම ගැන නුඹලා තෘප්තියට පත් නොවන්නෙහු ද? හිජ්රතය නොවී නම් මම ද අන්සාර්වරුන්ගෙන් කෙනෙකු වී සිටිමි. ජනයා මිටියාවතක හෝ කදු පාමුලක ගමන් කළේ නම් මම අන්සාර්වරුන් සමග මිටියාවතෙහි හෝ කදු පාමුලෙහි ගමන් කරමි. අන්සාර්වරු සංකේතයකි. ජනයා වස්ත්රයක් මෙනි. නියත වශයෙන්ම මගෙන් පසු ව නුඹලා මහිමයන් ලබනු ඇත. එහෙයින් නුඹලා හවුලුල් කව්සර්හි මා මුණ ගැසෙන තෙක් ඉවසීමෙන් සිටිනු යැයි පැවසූහ.
02

Explanation

හුනෙය්න් යුද්ධයේදී ඝනීමත් හෙවත් -යුද්ධයෙන් අත්පත් කරගත් දෑ බොහෝමයක් නබි මුහම්මද් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට සතු කර දෙමින් අල්ලාහ් එතුමාට ජය ලබා දුන් කල්හි, තාඉෆ් බලකොටු අතහැර දැමුවායින් පසු නැවතත් ඒ වෙත පැමිණියේය. එනම් එහි වූ ඝනීමත් භාණ්ඩ අත්පත් කර ගැනීම සඳහාය. එහි ඝනීමත් භාණ්ඩ බොහෝමයක් විය. ඒ අතුරින් ගොවිපල සතුන් විශාල සංඛ්යාවක් විය. ඔටුවන් හාරදහසක් හා එළුවන් එකසිය විස්සකට වඩා අධිප ප්රමාණයක් එකතු වූ විට, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉස්ලාමයට පිවිසුණු නවකයින් අතර සෙනෙහස ගොඩනගනු පිණිස ඒවා පිරිනැමූහ. නමුත් ඇතැම් අන්සාර් සහාබාවරු ඊට කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන් අතර වූ ශ්රේෂ්ඨයින් අල්ලාහ්ගේ දූතයාණන් සිදු කළ දෑ නිවැරදි දෙයක් බව වටහා ගත්හ. අපව අතහැර දමා, අපගේ අසිපත් ඔවුන්ගේ ලේවලින් තැවරුණු පිරිසකට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඝනීමත් භාණ්ඩ පිරිනමා ඇතැයි යනුවෙන් ඔවුන් කළ ප්රකාශය එතුමාට ආරංචි විය. එවිට එතුමා උස් තැනකට ඔවුන් ඒකරාශී කරන මෙන් නියෝග කළහ. පසුව ඔවුහු ඒකරාශී වූහ. ඔබලා ගැන මට ආරංචිවූ ප්රකාශය කුමක්ද? මෙසේ අවසානය දක්වා පවසමින් ඔවුනට විස්තර කළහ. ඔවුන් තමන්ට උපකාර කළ බැවින්ද ඉස්ලාමය වෙත පැමිණි බැවින්ද එතුමා එසේ ඔවුන් පිළිගත් බව වටහා දුන්හ. එවිට ඔවුන්ගේ සිත් සැනසුමට පත් විය. තමන් වියදම් කළ දෑ හා තමන් ඉදිරිපත් කළ දෑ සඳහා මතුලොවෙහි අල්ලාහ් තමන්හට එය රැස් කර ඇති බව පවසමින් අල්ලාහ්ගේ දූතයාණන් සමග ඔවුන්ගේ සම්බන්ධතාව ඇති කර තිබීමත් එතුමා නැවත ඔවුන් වෙත පැමිණ තිබීමත් ඊට වඩා අති මහත් බව වටහා ගත්හ. පසුව ඔවුනට අත්වූ මෙම බලපෑම මත ඉවසා සිටින මෙන් ඔවුනට නියෝග කළහ.
තය්සීරුල් අල්ලාම් (පිටුව 306) තන්බීහුල් අෆ්හාම් (වෙළුම 3/403) තඃසීසුල් අහ්කාම් (3/197)

Attribution

[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...