‘ඔබතුමා කිබ්ලා නොවන දිශාවට හැරී සලාතය ඉටු කරනු දුටුවෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා ‘සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ සිදු කරනු දැක නැත්නම් මම ද එය සිදු නොකරමි. යැයි පැවසුවේය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් ඉබ්නු සීරීන් විසින් වාර්තා කරන ලදී. සිරියාවේ සිට අනස් තුමාණන් පැමිණි මොහොතේ අපි අනස් තුමා ව මුණ ගැසුණෙමු. එතුමා ව මුණ ගැසුණේ ‘අයිනුත් තම්ර්’ නම් ස්ථානයේදීය. එවිට බූරුවකු මත සිට තම මුහුණ වෙනත් දිශාවකට (කිබ්ලාවෙන් වම් දෙසට) හරවා සලාතය ඉටු කරනු මම දුටුවෙමි. එවිට මම ‘ඔබතුමා කිබ්ලා නොවන දිශාවට හැරී සලාතය ඉටු කරනු දුටුවෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා ‘සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ සිදු කරනු දැක නැත්නම් මම ද එය සිදු නොකරමි’ යැයි පැවසුවේය.
Explanation
වාර්තාකරු මෙසේ සඳහන් කරයි. -ඔහුද එසේ හමුවීමට පැමිණි අයගෙන් කෙනෙකි.- සැබැවින්ම එතුමා බූරුවා මත සිට සලාතය ඉටු කරනු දැක ඇත. එවිට එතුමාගේ වමතින් කිබ්ලාව පත් කර ගත්හ. එවිට ඒ ගැන ඔහු එතුමාගෙන් විමසා සිටියේය. එවිට එතුමා: සැබැවින්ම නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් මෙසේ කරනු තමන් දැක ඇති බවත්. එසේ එතුමා සිදු කරනු තමන් දැක නැතිනම් කිසිවිටෙක එසේ නොකරන බවත් ඔවුනට දන්වා සිටියහ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

