සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන්ට යමක් සිදු කරන අන්සාර්වරුන් දුටුවෙමි. ඔවුන් අතුරින් කිසිවකු සමග මම මිතුදම් පාන්නේ නම් ඔහුට සේවය කරමින් මිස මිතුදම් නොපාන බවට මාගේ සිත තුළ මම දිවුරා ගතිමි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මම ජරීර් ඉබ්නු අබ්දිල්ලාහ් අල් බජලී -රළියල්ලාහු අන්හු- සමග ගමනක පිටත්ව ගියෙමි. එවිට ඔහු මට සේවය කරන්නට වූහ. එවිට මම ඔබ එසේ නොකරනු යැයි ඔහුට පැවසුවෙමි. එවිට ඔහු: “සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන්ට යමක් සිදු කරන අන්සාර්වරුන් දුටුවෙමි. ඔවුන් අතුරින් කිසිවකු සමග මම මිතුදම් පාන්නේ නම් ඔහුට සේවය කරමින් මිස මිතුදම් නොපාන බවට මාගේ සිත තුළ මම දිවුරා ගතිමි.“ යැයි පවසා සිටියේය.
Explanation
එවිට ඔහු: “අන්සාර්වරු අල්ලාහ්ගේ දූතයාණන් සමග කටයුතු කළ අකාරය මම දැක ඇත්තෙමි. ඔවුන් අතුරින් කිසිවකු හෝ මා මුණ ගැසෙන්නේ නම් ඔහුට සේවය කරමින් මිස මුතුදම් නොපාමි යැයි මම මාගේ සිත තුළ දිවුරා ගත්තෙමි යැයි පැවසූහ. මෙය නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගරුත්වයට පත් කළ අයට කරන ගරුකිරීමකි. මිනිසකුගේ මිතුරන්ට ගරු කිරීම එම මිනිසාට ගරු කළාක් මෙනි. එමෙන්ම ඔවුනට උපකාර කිරීම ඔහුට උපකාර කළාක් මෙනි. එහෙයින් එතුමා-රළියල්ලාහු අන්හු- නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට ගරු කිරීමක් වශයෙන් ඔවුනට උපකාර කළහ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

