අල්ලාහ් අබියස අල්ලාහ්ගේ දූතයාණන්ට ඇති යහපත කුමක්දැයි නොදැන සිටීම ගැන මම නොඅඬමි. නමුත් අහසින් වහී පහළ වීම නතර විය. එවිට ඇය ඔවුන් දෙදෙනාද අඬන්නට සැළැස්වූවාය.ඔවුන් දෙදෙනාද ඇය සමඟ අඩන්නට වූහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මරණයට පත් වූ පසුව අබූ බක්ර් තුමා උමර් තුමා දෙස බලා: “අපි උම්මි අය්මන් -රළියල්ලාහු අන්හා- තුමිය වෙත ගොස් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇයව මුණ ගැසුණාක් මෙන් අපද මුණ ගැසෙමු.“ යැයි පැවසූහ. අනතුරුව ඔවුන් දෙදෙනා එතුමිය වෙත ගිය කල්හි, එතුමිය අඬන්නට විය. එවිට ඔවුන් දෙදෙනා එතුමියගෙන්: “ඔබ අඬන්නට සැළැස්වූයේ කළේ කුමක්ද? අල්ලාහ් අබියස අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට ඇති යහපත ගැන ඔබ දන්නවා නොවේද? යැයි විමසා සිටියෝය. එවිට ඇය: අල්ලාහ් අබියස අල්ලාහ්ගේ දූතයාණන්ට ඇති යහපත කුමක්දැයි නොදැන සිටීම ගැන මම නොඅඬමි. නමුත් අහසින් වහී පහළ වීම නතර විය. එවිට ඇය ඔවුන් දෙදෙනාද අඬන්නට සැළැස්වූවාය.ඔවුන් දෙදෙනාද ඇය සමඟ අඩන්නට වූහ.
Explanation
මෙම හදීසය ඒ ගැන තරයේ ප්රකාශ කර සිටියි. අබූ බක්ර් හා උමර් තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මුණ ගැසුණ කාන්තාව මුණ ගැසෙන්නට ගිය කතා වස්තුව ප්රකාශ කරයි. ඔවුන් දෙදෙනා ඇයව හමුවූයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය මුණ ගැසුණු හේතුව මුල් කර ගනිමිනි. දෙදෙනාම ඇය අබියස සිටි විට ඇය අඬන්නට වූවාය. එවිට ඔවුන් දෙදෙනා: ඔබ මෙසේ අඬන්නට පත් කළේ කුමක්ද? අල්ලාහ් අබියස ඔහුගේ දූතයාණන්ට ඇති යහපත ඔබ දන්නවා නොවේද? යැයි විමසා සිටියහ.
එවිට ඇය: සැබැවින්ම මම ඒ හේතුවෙන් නොඅඬමි. නමුත් මම අඬන්නේ වහී (දේව පණිවිඩ) නතර වූ හේතුවෙනි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මිය ගිය කල්හි වහී නතර විය. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් පසුව වහී නැත. එතුමා මරණයට පත්වන්නට පෙර අල්ලාහ් එමගින් ඔහුගේ ආගම සම්පූර්ණ කළේය. අල්ලාහ් මෙසේ පවසා සිටියි. “අද දින මම නුඹලාට නුඹලාගේ දහම සම්පූර්ණ කළෙමි. තවද මාගේ ආශිර්වාදයන් මම නුඹලාට පූර්ණව දායාද කළෙමි. තවද දහමක් ලෙසින් මම නුඹලාට ඉස්ලාමය පිළිගත්තෙමි.“ (මාඉදා:3) එය, දෙදෙනා අඬන්නට පත් කළේය. හේතුව ඔවුන් දෙදෙනාට අමතක වී තිබූ දෙයක් ඇය ඔවුන් දෙදෙනාට මතක් කර සිටි බැවිනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

