“ඔබේ පරමාධිපතියාණන් පැවසූ දේ ඔබ දන්නවා ද?” යැයි විමසූහ. ඔවුහු: 'මැනවින් දන්නෝ අල්ලාහ් සහ ඔහුගේ දූතයා ය" යැයි ඔවුහු පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “මාගේ ගැත්තන් අතරින් මා විශ්වාස කරන අය සහ මා ප්‍රතික්ෂේප කරන අය උදය වරුව ලැබුවෝය
සෙයිද් ඉබ්නු කාලිද් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුදෙයිබිය්යා හි රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාවෙන් පසු සුබ්හු සලාතය මෙහෙය වූහ. එතුමාණෝ එය අවසන් කරගත් පසු ජනතාව දෙසට හැරී: “ඔබේ පරමාධිපතියාණන් පැවසූ දේ…

