افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65044[صحيح]
HadeethEnc · 1.24.0

මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, ඔටුවකු මත නැග ආ මිනිසෙක් මස්ජිදයට පිවිස එහි ඌ දණ ගස්වා උගේ පාද ගැට ගසා දැමීය. පසුව ඔහු ඔවුනට: "නුඹලා අතර මුහම්මද් කවුදැ?"යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටියේ ඔවුන් පසුපස හේත්තු වෙමිනි. එවිට අපි: "හේත්තු වී ඉන්න සුදු මිනිසා ඔහු ය" යැයි පැවසුවෙමු. එවිට එම මිනිසා එතුමාණන්ට: "අහෝ අබ්දුල් "මුත්තලිබ්ගේ පුතුනි!" යැයි ඇමතුවේය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මම ඔබට පිළිතුරු දෙමි" යැයි පැවසූහ. එවිට එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට "සැබැවින්ම මම ඔබෙන් ප්‍රශ්න කර සිටිමි. ප්‍රශ්න කිරීමේ දී ඔබ අපහසුතාවයට පත් විය හැක. නමුත් ඔබ මා ගැන වරදක් නොසිතිය යුතුය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඔබට මතු වන දෑ විමසන්න." යැයි කීහ. එවිට ඔහු "ඔබේ පරමාධිපති මත හා ඔබට පෙර වූවන්ගේ පරමාධිපති මත දිවුරා විමසමි. සියලු මිනිසුන් වෙත ඔබ ව එවා ඇත්තේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු "අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබෙන් විමසා සිටිමි. දහවලේ හා රාත්‍රියේ පස් වාරයක් අප සලාත් ඉටු කිරීම සඳහා ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසා සිටියෙ ය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. වසරේ මෙම මාසයේ උපවාසයේ නිරත වීමට ඔබට නියෝග කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. අප අතර පොහොසතුන්ගෙන් සදකා හෙවත් සකාත් ලබා එය අප අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන්නට ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණා්: "අල්ලාහ් මත දිවුරමි. ඔව්" යැයි පිළිතුරු දුන්හ. පසුව එම මිනිසා: ඔබ කවර කරුණක් ගෙන ආවේ ද එය මම විශ්වාස කළෙමි. මම මාගේ ප්‍රජාව විසින් එවනු ලැබූ දූතයා වෙමි. මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය.
02

Explanation

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා සිටිනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සහාබාවරුන් මස්ජිදයේ වාඩි වී සිටිය දී, ඔටුවකු මත නැග ආ මිනිසෙක් මස්ජිදයට පිවිස එහි ඌ දණ ගස්වා උගේ පාද ගැට ගසා දැමූ බවය. පසුව ඔහු ඔවුන්ගෙන්: "නුඹලා අතර මුහම්මද් කවුදැ?"යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටියේ පිරිස අතර හේත්තු වෙමිනි. එවිට අපි: "හේත්තු වී ඉන්න සුදු මිනිසා ඔහු ය" යැයි පැවසුවෙමු. එවිට එම මිනිසා එතුමාණන්ට: "අහෝ අබ්දුල් මුත්තලිබ්ගේ පුතුනි! යැයි ඇමතුවේය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මම ඔබට සවන් දෙමි. එහෙයින් ඔබ විමසන්න. මම පිළිතුරු දෙන්නම්" යැයි පැවසූහ. එවිට එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට "සැබැවින්ම මම ඔබෙන් ප්‍රශ්න කර සිටිමි. ප්‍රශ්න කිරීමේ දී ඔබ අපහසුතාවයට පත් විය හැක. නමුත් ඔබ මා ගැන වරදක් නොසිතිය යුතුය" යැයි පැවසීය. එනම්: ඔබ මා කෙරෙහි කෝප නොවිය යුතුය. එමෙන්ම ඔබට කිසිදු පීඩනයක් අත් නොවිය යුතුය. යන්නයි. එවිට එතුමාණෝ: "ඔබට මතු වන දෑ විමසන්න." යැයි පැවසූහ. එවිට ඔහු "ඔබේ පරමාධිපති මත හා ඔබට පෙර වූවන්ගේ පරමාධිපති මත දිවුරා විමසමි. මිනිසුන් වෙත ඔබ ව එවා ඇත්තේ අල්ලාහ් ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි එහි සත්‍යතාව සහතික කරමින් පිළිතුරු දුන්හ. එම මිනිසා "අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබෙන් විමසා සිටිමි. දහවලේ හා රාත්‍රියේ පස් වාරයක් අප සලාත් ඉටු කිරීම සඳහා ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසා සිටියේ ය. ඒවා අනිවාර්යය කරනු ලැබූ සලාත් වාරයන්ය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. වසරේ මෙම මාසයේ අප උපවාසයේ නිරත වීමට ඔබට නියෝග කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එනම් රමළාන් මාසයයි. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. අප අතර පොහොසතුන්ගෙන් සදකා හෙවත් සකාත් ලබා එය අප අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන්නට ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණා්: "අල්ලාහ් මත දිවුරා පවසමි. ඔව්" යැයි පිළිතුරු දුන්හ. පසුව ළිමාන් ඉස්ලාමය වැළඳ ගෙන තමන් තම සමූහයා ඉස්ලාමය වෙත ඇරයුම් කරන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දන්වා සිටියේය. පසුව තමන් ගැන හඳුන්වා දී තමන් බනූ සඃද් ඉබ්නු බක්ර් ගෝත්‍රයේ ළිමාන් ඉබ්නු සඃලබා බව පවසා සිටියේය.
03

Benefits

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නිහතමානීකම. එතුමාණන් අතර හා එතුමාණන්ගේ සගයින් අතර වෙනස වෙන්කර හඳුනා ගත නොහැකි තරමටම එම මිනිසා පත් විය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගතිගුණ, ප්‍රශ්න කරන්නා වෙත පිළිතුරු දීමේ දී එතුමාණන් තුළ තිබූ මෛත්‍රීභාවය, සැබැවින්ම අලංකාර අයුරින් පිළිතුරු දීම ඇරයුම පිළිගැනීමට හේතු සාධකයකි.
මිනිසෙකුට අඩපාඩු කීමේ අපේක්ෂාවෙන් තොරව, ඔහු ද පිළිකුල් නොකළේ නම් සුදු, රතු, උස් හා මිටි යනා දී ගුණාංගවලින් ඔහු හඳුන්වාදීමේ අවසරය.
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු අවශ්‍යතාවය සඳහා මස්ජිදය වෙත පිවිසීමේ අනුමැතිය.
මෙම හදීසයේ හජ් පිළිබඳ සඳහන් කර නැත. හේතුව ඇතැම් විට ඔහු පැමිණි කාලය තුළ එය අනිවාර්යය නොවී තිබුණා විය හැකිය.
ජනයා ඉස්ලාමය වෙත ඇරයුම් කිරීමේ දී සහාබාවරුන් අතර පැවති උනන්දුව. තමන් ඉස්ලාමය වැළඳගත් වහාම තම ජනයාට ඇරයුම් කිරීම සඳහා උනන්දු විය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...