Prophetic Hadeeth Encyclopedia
Search and read verified Prophetic hadeeth translations, explanations, benefits, categories and source attribution. Page 5.
Search the Hadeeth Encyclopedia
Smart instant results tolerate minor spelling mistakes, with every filter in one place.
සදාචාරයේ නීති විද්යාව
“නියත වශෙයන්ම ශාප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත්වන්නන් ලෙස හෝ සාක්ෂිකරුවන් ලෙස හෝ පෙනී නො සිටිනු ඇත.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියත වශෙයන්ම ශාප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත්වන්නන් ලෙස හෝ සාක්ෂිකරුවන් ලෙස හෝ පෙනී නො සිටිනු ඇත…
සැබැවින්ම, කෙනෙක් තවත් කෙනෙකු ඉහවහා අහංකාර නොවන තරමට, කෙනෙක් තවත් කෙනෙකුට අපරාධ නොකරන තරමට ඔබ සැම නිහතමානි විය යුතු බව අල්ලාහ් මට දිව්‍ය පණිවිඩ හෙළිදරව් කර ඇත
බනූ මුජාෂිඃගේ සහෝදරයකු වන ඉයාළ් ඉබ්නු හිමාර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් අප අතර දිනක් දේශනාවක් පැවැත්වූහ. එවිට එතුමාණෝ දිගු කතාවක් කළ අතර එහිදී: "සැබැවින්ම, කෙනෙක් තවත් කෙනෙකු ඉහවහා අහංකාර නොවන තරමට, කෙනෙක් තවත් කෙනෙකුට අපරාධ නොකරන…
නියතවශයෙන්ම නුඔලා ජනයාට ධනයෙන් උදවි උපකාර නොකර ඔවුනට සිනාසුනු වදනින් ද ඉතා හොද සත් ගුණාංගවලින්ද( සාරධර්මයෙන්) ද ඔවුන් ව පෝෂනය කරනු මැනව යැයි නබි තුමා පැවසූහ වාර්තාකරැ අබු හුරය්රා රලියල්ලාහු අන්හු
“සත්‍යය කතා කිරීම නුඹලා සතු යුතුකමකි. සැබැවින්ම සත්‍යය යහකම වෙත මග පෙන්වයි. යහකම ස්වර්ගය වෙත මග පෙන්වයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සත්‍යය කතා කිරීම නුඹලා සතු යුතුකමකි. සැබැවින්ම සත්‍යය යහකම වෙත මග පෙන්වයි. යහකම ස්වර්ගය වෙත මග පෙන්වයි. මිනිසා සත්‍යය කතා කරමින් සත්‍යය…
කවරෙකු තමන් තුළ අහංකාරය පාමින්, තම ගමන් ලීලාවෙහි උඩඟුවෙන් ගමන් කරන්නේද, ඔහු වෙත දැඩි කෝපයෙන් සිටින තත්ත්වයේ ඔහු අල්ලාහ්ව හමුවනු ඇත.
“කවරෙකු තම සහෝදරයාගේ මාන්‍ය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “…
ජනයා හිනස්සවීම සඳහා බොරු කතා කරන්නන්හට විනාශයක්ම වේවා! ඔහු ද විනාශයට පත්වේවා පසුව ද ඔහුට විනාශය අත්වේවා!
සැබැවින්ම අල්ලාහ්, ශ්රද්ධාවන්ත ස්වාධීන නිහතමානී ගැත්තාට ප්‍රිය කරයි
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර වඩාත් ශ්රේෂ්ඨ වනුයේ කවරෙක් ද?
අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මිනිසෙක්: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර වඩාත් ශ්රේෂ්ඨ වනුයේ කවරෙක් ද?’ යැයි විමසීය. එතුමාණෝ: “අල්ලාහ්ගේ මාර්ගයේ තමන් හා තම ධනය කැප කරන දේව විශ්වාසී තැනැත්තා” යැයි පැවසූහ…
“අපරාධය ගැන බියවන්න. සැබැවින්ම සැබෑ අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අඳුරු වේ. එමෙන්ම මසුරු වීම ගැන බියවන්න. සැබැවින්ම මසුරුකම නුඹලාට පෙර සිටියවුන් විනාශ කර දැමීය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “අපරාධය ගැන බියවන්න. සැබැවින්ම සැබෑ අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අඳුරු වේ. එමෙන්ම මසුරු වීම ගැන බියවන්න. සැබැවින්…
දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්‍රේෂ්ඨ තැනැත්තාය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේ…

