අහෝ අල්ලාහ්, ඔබ මට උර දෙන්නාය. තවද ඔබ මගේ උදව් කරුය. මම හැරෙනුයේ ඔබ තුළින් පමණි. තවද මම ළඟා වනුයේ ද ඔබ තුළින් පමණි. එමෙන්ම මම සටන් වදින්නේද ඔබ තුළින් පමණි.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා යම් යුද්ධයකට සහභාගී වූ විට: ((අහෝ අල්ලාහ්, ඔබ මට උර දෙන්නාය. තවද ඔබ මගේ උදව් කරුය. මම හැරෙනුයේ ඔබ තුළින් පමණි. තවද මම ළඟා ව…

