HadeethEnc · 1.24.0
අහෝ අල්ලාහ්, ඔබ මට උර දෙන්නාය. තවද ඔබ මගේ උදව් කරුය. මම හැරෙනුයේ ඔබ තුළින් පමණි. තවද මම ළඟා වනුයේ ද ඔබ තුළින් පමණි. එමෙන්ම මම සටන් වදින්නේද ඔබ තුළින් පමණි.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා යම් යුද්ධයකට සහභාගී වූ විට: ((අහෝ අල්ලාහ්, ඔබ මට උර දෙන්නාය. තවද ඔබ මගේ උදව් කරුය. මම හැරෙනුයේ ඔබ තුළින් පමණි. තවද මම ළඟා වනුයේ ද ඔබ තුළින් පමණි. එමෙන්ම මම සටන් වදින්නේද ඔබ තුළින් පමණි.)) යැයි පවසන්නෙකු වූහ.
02
Explanation
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා යම් යුද්ධයක් අපේක්ෂා කළ විට හෝ එය ආරම්භ කරන විට හෝ මෙම අර්ථයෙන් ප්රාර්ථනා කරන්නෙකු වූහ: අහෝ අල්ලාහ්, ඔබ මගේ උදව් කරුය. තවද ඔබ මගේ හොඳම උදව් කරුය. මම යම් කරුණකින් වෙනත් දෙයක් වෙත හැරෙනුයේ ඔබ තුළින් පමණි. තවද මම දහමේ සතුරන් වෙත කඩා පනිනුයේ ඔබ තුළින් පමණි. එමෙන්ම මම සටන් වදින්නේද ඔබ තුළින් පමණි.
Attribution
[ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

