HadeethEnc · 1.24.0
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වේදනාවකදී: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. තේරුම: නැමදුමට සුදුස්සා සෙනෙහිවන්ත සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අති මහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අහස්හි පරමාධිපති වූද මහපොළොවේ පරමාධිපති වූද මහිමයෙන් යුත් අර්ෂ්හි පරමාධිපති වූද අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත." යැයි පවසන්නෙකු වූහ
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වේදනාවකදී: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. තේරුම: නැමදුමට සුදුස්සා සෙනෙහිවන්ත සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අති මහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත. නැමදුමට සුදුස්සා අහස්හි පරමාධිපති වූද මහපොළොවේ පරමාධිපති වූද මහිමයෙන් යුත් අර්ෂ්හි පරමාධිපති වූද අල්ලාහ්ගෙන් තොරව වෙනත් දෙවිඳෙකු නැත." යැයි පවසන්නෙකු වූහ.
02
Explanation
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ට ඉමහත් දුකක් කරදරයක් ඇති වූ අවස්ථාවක මෙසේ පවසන්නට වූහ: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල්" නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. "අළීම්" සර්වබලධාරීය. ඔහුගේ පැවැත්ම ඔහුගේ ගුණාංග සහ ඔහුගේ ක්‍රියාවෙහි ඔහු තේජාන්විතය. "හලීම්" පාපිෂ්ඨයාට දඬුවම් කිරීමට හැකියාව තිබීයදී පවා ඒ සඳහා ඉක්මන් නොවී එය ප්‍රමාද කර සමාව දෙන්නට බලන්නාය. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. "ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්, හඃාලිකුල් අර්ෂි අළීම් " අතිමහත් රාජ්‍යයේ මැවුම්කරුය. "ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි" අහස් හා මහපොළොවේ පරමාධිපතිය. ඒ දෙක තුළ ඇති දෑහි ද මැවුම්කරුය. එහි රජුය එය හැඩගස්වන්නාය. ඔහු අභිමත කරන පරිදි සියල්ල ක්‍රියාත්මක කරන්නාය. "රබ්බුල් අර්ෂිල් කරීම්, හඃාලිකුල් අර්ෂ් අල්කරීම් . අතිමහත් රාජ්‍යයේ මැවුම්කරුය.
03
Benefits
දුක් කරදර කම්කටොලු වේදනා ඇති වූ අවස්ථාවක අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර ඔහු වෙත යොමු විය යුතුය.
දුෂ්කර අවස්ථාවක් මෙම ප්‍රාර්ථනාව උසුරා ප්‍රාර්ථනා කිරීම සතුටුදායකය.
මහා කාරුණික සර්වබලධාරියාණන් ස්ථානගත වී සිටින රාජධානිය මැවීම් අතරින් වඩාත් උසස්, වඩාත් විශාල හා අතිමහත් ස්ථානයකි. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ ගැන විස්තර කර ඇත්තේ එය ඉමහත් හා අති ගෞරවනීය ස්ථානයක් ලෙස ය.
මෙහි අහස් හා මහපොළොව විශේෂයෙන් සඳහන් කර ඇත්තේ දකින්නට ඇති විශාලතම මැවීම් ඒ දෙක වන බැවිනි.
අත්-තීබී තුමා මෙසේ පවසයි: "පරමාධිපතියාණන්ව මෙනෙහි කරමින් මෙම ප්‍රශංසාව සිදු කර ඇත්තේ දුෂ්කරතා ඉවත් කිරීමට ඔහු උචිත වන බැවිනි. සැබැවින්ම සියල්ල පිළිවෙලට සකසන්නා ඔහු ය. දේව ඒකීයත්වය ආවරණය කළ ප්‍රකාශයන් මෙහි ඇත. එය ඔහුගේ පූර්ණ ශක්තිය පෙන්වා දෙන අතිමහත් කීර්තියේ මූලයයි. දැනුම පෙන්වා දෙන ඔහුගේ ප්‍රඥාවයි. එවිට අඥානයාට ප්‍රඥාව හෝ ගෞරවය සිතා ගත නොහැක. ඒ දෙක ගෞරවණීය වර්ණනාවන්හි මූලයයි.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares