HadeethEnc · 1.24.0
අහෝ අල්ලාහ්, ඔවුන්ගේ බලපෑම් ඉදිරියේ සැබැවින්ම අපි ඔබව පත් කරමු. ඔවුන්ගේ අනතුරුවලින් අපි ඔබෙන් ආරක්ෂාව පතමු.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා යම් පිරිසකට බිය වූ විට,
اللهم إنا نجعلك في نحورهم ونعوذ بك من شرورهم
අල්ලාහුම්ම ඉන්නා නජ්අලුක ෆී නුහූරිහිම්, වනඌදු බික මින් ෂුරූරිහිම් යැයි පවසන්නෙකු වූහ.
තේරුම: අහෝ අල්ලාහ්, ඔවුන්ගේ බලපෑම් ඉදිරියේ සැබැවින්ම අපි ඔබව පත් කරමු. ඔවුන්ගේ අනතුරුවලින් අපි ඔබෙන් ආරක්ෂාව පතමු.
02
Explanation
اللهم إنا نجعلك في نحورهم
අල්ලාහුම්ම ඉන්නා නජ්අලුක ෆී නුහූරිහිම්,
තේරුම: අහෝ අල්ලාහ්, ඔවුන්ගේ බලපෑම් ඉදිරියේ සැබැවින්ම අපි ඔබව පත් කරමු. එනම්: අපගෙන් ඔවුන් (අපට හානි පමුණුවීමෙන්) වළක්වනු මැනව, ඔවුන්ගෙන් අපව වළක්වනු මැනව යන්නයි. මෙහි නහ්ර් නම් අරාබි පදය විශේෂයෙන් භාවිත කොට ඇත්තේ වැළැක්වීමේදී ඉතා ඉක්මණින් හා බලයෙන් යුතුව වැළැක්වීමත් වළක්වනු ලැබීමට හැකියාවත් ඇත යන අර්ථය ගෙන දෙන්නටය. හේතුව සතුරා පෙරට පැමිණෙනුයේ අරගල කිරීමට නොව මරා දමන්නටය ගෙල සිදින්නටය.
ونعوذ بك من شرورهم
වනඌදු බික මින් ෂුරූරිහිම් තේරුම: ඔවුන්ගේ අනතුරුවලින් අපි ඔබෙන් ආරක්ෂාව පතමු. එනම් මෙම තත්ත්වයේදී ඔවුන්ගේ නපුරුකම්වලට අල්ලාහ් ප්රමාණවත් වේ යන්නයි. මෙයින් අදහස් කරනුයේ ඔවුන්ගේ හදවත් ඔබ වළක්වනු මැනව ඔවුන්ගේ නපුරුකම්වලින් අප ආරක්ෂා කරනු මැනව. ඔවුන් විෂයයෙහි ඔබ අපට ප්රමාණවත්ය. ඔබ අප හා ඔවුන් සියල්ල සර්ව ප්රකාරයෙන් වටලාගෙන සිටින්නෙහිය.
මෙම පහසු වදන් දෙක සැබෑ ලෙසින් හා ඉතා අවංක ලෙසින් පවසන්නේ නම් සැබැවින්ම අල්ලාහ් එයින් අප වළක්වනු ඇත. අල්ලාහ් ආශිර්වාද කරත්වා!

Attribution
[ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares