මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ඔබ මා ඉදිරියේ කවර තත්ත්වයක සිටින්නේ ද ඒ අනුවම අඛණ්ඩව සිටින්නෙහු නම්, තවද මෙනෙහි කිරීමෙහි නිරතව සිටින්නෙහු නම් මලක්වරු ඔබේ නිදියහන මත ද ඔබ ගමන් කරන මාර්ග මත ද ඔබලාට දෑත් විහිදුවාලති. නමුත් අහෝ හන්ළලා!හෝරාවක්, හෝරාවක් ඇත.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ගේ ලේඛකයකු වූ අබූ රිබ්ඊ හන්ළලා ඉබ්නු අර් රබීඃ අල් උසය්යිදී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා මා හමු වූහ. එවිට එතුමා, “අහෝ හන්ළලා ඔබට කෙසේදැ?“යි විමසා සිටියහ. මම, “හන්ළලා කුහකයකු විය.“ යැයි පැවසුවෙමි. එතුමා, “සුබ්හානල්ලාහ්! ඔබ කුමක් පවසන්නෙහිද?“ යැයි ඇසූහ. මම, “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඉදිරියේ අපි සිටින්නෙමු. අප දෑසින් දකින්නාක් මෙන් එතුමා අපට ස්වර්ගය හා නිරය පිළිබඳ මෙනෙහි කරයි. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අබියසින් අප බැහැරට ගොස් අපගේ බිරියන් දරුවන් හා ජීවනෝපාය මාර්ගයන්හි අපි කල් ගත කරන්නෙමු. අපි බොහෝ දෑ අමතක කර දමන්නෙමු“ යැයි පැවසුවෙමි. අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා, “අල්ලාහ් මත දිවුරා පවසමි. මේ හා සමානව අපද මුහුණ දෙන්නෙමු.“ යැයි කීහ. පසුව මා හා අබූ බක්ර් තුමා අල්ලාහ්ගේ දූතයාණන් වෙත පිවිසෙන තෙක්ම ගමන් ගත්තෙමු. පසුව මම, “අල්ලාහ්ගේ දූතයාණනි! හන්ළලා කුහකයකු විය“ යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ, “ඒ කුමක්දැ?“යි විමසා සිටියහ. මම, අල්ලාහ්ගේ දූතයාණනි! අපි ඔබ අබියස සිටින්නෙමු. අපි දෑසින් දකිනවාක් මෙන් ඔබ අපට ස්වර්ගය හා නිරය ගැන මෙනෙහි කරන්නෙහිය. අපි ඔබ අබියසින් පිටත්ව ගිය විට බොහෝ දෑ අප අමතක කර දමා බිරියන් දරුවන් හා ජීවනෝපා මාර්ගයන්හි නිරත වන්නෙමු.“ යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා, “මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි, ඔබ මා ඉදිරියේ කවර තත්ත්වයක සිටින්නේ ද ඒ අනුවම අඛණ්ඩව සිටින්නෙහු නම්, තවද මෙනෙහි කිරීමෙහි නිරතව සිටින්නෙහු නම් මලක්වරු ඔබේ නිදියහන මත ද ඔබ ගමන් කරන මාර්ග මත ද ඔබලාට දෑත් විහිදුවාලති. එහෙත් අහෝ හන්ළලා!, (එකිනෙකට) හෝරාවක් හෝරාවක් ඇත.“
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

