“වේගවත් ගුවන් ගමනෙහි මා කැටුවාගෙන ගිය රාත්‍රියෙහි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව මම මුණ ගැසුණෙමි. එවිට එතුමා: අහෝ මුහම්මද්! ඔබේ සමූහයාට මා වෙතින් වූ සලාමය කියවා පෙන්වන්න. සැබැවින්ම ස්වර්ග උයන පිරිසිදු පසකි. ජලය ඉමිහිරිය
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “වේගවත් ගුවන් ගමනෙහි මා කැටුවාගෙන ගිය රාත්‍රියෙහි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව මම මුණ ගැසුණෙමි. එවිට එතුමා: අහෝ මුහම්මද්! ඔබේ සමූහයාට මා වෙතින් වූ සලාමය කියවා පෙන්වන්න. සැබැවින්ම ස්වර්ග උයන පිරිසිදු පසකි. ජලය ඉමිහිරිය. සැබැවින් එය විශාලය. සැබැවින්ම එහි පැළ කරනු ලබන්නේ ‘සුබ්හානල්ලාහ්’ (අල්ලාහ් අති පිවිතුරුය), ‘අල්හම්දු ලිල්ලාහ්’ (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය), ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත.), අල්ලාහු අක්බර් (අල්ලාහ් අති උත්කෘෂ්ටය.) යනාදියයි." යැයි පැවසුවේය.
Explanation
Benefits
ඉස්ලාමීය සමූහයාගේ මහිමය. එය ඉබ්‍රාහීම් අලයිහිස් සලාම් තුමා එම සමූහයාට සලාම් දන්වා සිටින තරමටම උසස් විය.
උත්තරීතර අල්ලාහ්ව අධිකව මෙනෙහි කිරීම සඳහා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයාට ඉබ්‍රාහීම් අලයිහිස් සලාම් තුමා විසින් දිරි ගැන්වීම.
අත්-තීබී තුමා මෙසේ පවසයි: ස්වර්ග උයන තැනිතලා පතුලකි. පසුව අල්ලාහ් තම භාග්‍යයෙන් දැහැමි ක්‍රියාවන් කරන්නාගේ ක්‍රියාවන් අනුව ගස් හා මාලිගා එහි හට ගන්වන්නේය. සෑම ක්‍රියාකාරියෙකුටම තම තමන්ගේ ක්‍රියාවන් අනුව සුවිශේෂී දෑ හිමි වනු ඇත. පසුව එම කුසල් ඔහු ලබා ගනු වස් ඔහු කවර ක්‍රියාවන් වෙනුවෙන් මවනු ලැබුවේ ද ඒ සඳහා ඔහුට පහසු කරනු ඇත. එය එම ගස් වගා කළ අය මෙන් වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

