افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3575[صحيح]
HadeethEnc · 1.24.0

“ඔබේ ක්‍රියා අතරින් ශ්‍රේෂ්ඨ, ඔබේ හිමිකරු අබියස වඩාත් පිවිතුරු, ඔබේ තරාතිරම් අතර වඩාත් උසස්, රන් හා රිදී වැය කිරීමට වඩා ඔබට උතුම්, ඔබේ සතුරා වෙත ගොස් ඔබ ඔවුන්ගේ ගෙල සිඳ දමා ඔවුන් ද ඔබගේ ගෙල සිඳ දැමීමට වඩා ඔබට ශ්‍රේෂ්ඨ දෑ මා ඔබට දන්වා සිටින්න ද?“

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර් දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “ඔබේ ක්‍රියා අතරින් ශ්‍රේෂ්ඨ, ඔබේ හිමිකරු අබියස වඩාත් පිවිතුරු, ඔබේ තරාතිරම් අතර වඩාත් උසස්, රන් හා රිදී වැය කිරීමට වඩා ඔබට උතුම්, ඔබේ සතුරා වෙත ගොස් ඔබ ඔවුන්ගේ ගෙල සිඳ දමා ඔවුන් ද ඔබගේ ගෙල සිඳ දැමීමට වඩා ඔබට ශ්‍රේෂ්ඨ දෑ මා ඔබට දන්වා සිටින්න ද?“ යැයි විමසූහ. ඔවුහු: “එසේය“ යැයි පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: "ඔබ උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමය“ යැයි පැවසූහ.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන්ගෙන් මෙසේ විමසා සිටියහ:

ඔබේ ක්‍රියා අතරින් ශ්‍රේෂ්ඨ, වඩාත් ගෞරවනීය, වඩාත් උසස්, වඩාත් පිවිතුරු, සර්වබලධාරී රජු අල්ලාහ් ඉදිරියේ වඩාත් සුවිශුද්ධ වූ දෑ මම ඔබට හඳුන්වා දී ඔබව දැනුම්වත් කිරීම ඔබ ප්‍රිය කරන්නෙහු ද?

ස්වර්ගයේ ඔබේ තරාතිරම් අතර වඩාත් උසස්?

රන් හා රිදී දන් දීමට වඩා ඔබට උතුම්?

ඔබේ සතුරා වෙත ගොස් ඔබ ඔවුන්ගේ ගෙල සිඳ දමා ඔවුන් ද ඔබගේ ගෙල සිඳ දැමීමට වඩා ඔබට ශ්‍රේෂ්ට දෑ වූ දෑ (මම ඔබට හඳුන්වා දී ඔබව දැනුම්වත් කිරීම ඔබ ප්‍රිය කරන්නෙහු ද?)

සහාබාවරු: "එසේය, අපි එය ප්‍රිය කරන්නෙමු" යැයි පැවසූහ.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "සෑම කාලවල දී සෑම තත්ත්වයකම හා සෑම ස්වරූපයකම උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම" යැයි පැවසූහ.
03

Benefits

සර්වබලධාරී අල්ලාහ්ව බාහිරව සහ අභ්‍යන්තරව අඛණ්ඩව සිහිපත් කිරීම, සර්වබලධාරී දෙවියන්ට සමීප වීමේ ශ්‍රේෂ්ඨතම සහ වඩාත් ප්‍රයෝජනවත් ආකාරයකි.
සියලුම ක්‍රියාවන් ආගමානුගත කර ඇත්තේ උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමටය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මා මෙනෙහි කරනු වස් ඔබ සලාතය ඉටු කරනු." නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: "සැබැවින්ම ශුද්ධ නිවස තවාෆ් කිරීමත්, සෆා හා මර්වා අතර සඃයු කිරීමත්, ෂෙයිතාන්ට ගල් ගැසීමත් උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා නියම කරනු ලැබ ඇත." අබූ දාවුද් හා තිර්මිදි යන ඉමාම්වරු මෙය වාර්තා කර ඇත.
අල්-ඉස්සු ඉබ්නු අබ්දුස් සලාම් තුමා මෙසේ පවසයි: "මෙම හදීසය පෙන්වා දෙනුයේ, ඇත්තෙන්ම සියලුම නැමදුම් කටයුතුවල ඒවා ඉටු කිරීමේ ප්‍රමාණය අනුව කුසල් පෙල ගැසෙන්නේ නැත. ඇතැම් විට අධික ලෙස ඉටු කරන ක්‍රියාවන්ට දෙනු ලබන ප්‍රතිඵලවලට වඩා, සුළු ලෙස ඉටු කරන ක්‍රියාවන්ට අල්ලාහ් වැඩියෙන් ප්‍රතිඵල පිරිනමනු ඇත. කුසල් පෙළ ගැසෙනුයේ ගෞරව‌යේ තරාතිරම්වල වෙනස්කම් අනුවය.
අල්-මනාවී තුමා ෆයිලුල් කදීර් හි මෙසේ පවසයි: මෙම හදීසය අර්ථකථනය කර ඇත්තේ ‌අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඒ ගැන විමසු අයට වඩාත් උතුම් බවය. ධෛර්ය සම්පන්න පුද්ගලයකු විසින් වඩාත් විශිෂ්ඨ වනුයේ කුමක්දැයි අසනු ලැබුවේ නම් , යුධ පිටියේ ඉස්ලාමයේ හරය ඔහු හරහා ඉෂ්ඨ වනවා නම් ඔහුට ජිහාද් කිරීම වඩාත් උතුම් බව පවසනු ලැබේ. දුප්පතුන්, තම ධනයෙන් ප්‍රයෝජනය ලබන ධනවතාට සදකා දීම වඩාත් උතුම් බව පවසනු ලැබේ. හජ් වන්දනාව ඉටු කිරීමට හැකියාව ඇත්තෙකුට හජ් කිරීම වඩාත් උතුම් බව පවසනු ලැබේ. කවරෙකු හට දෙමව්පියන් සිටින්නේ ද ඔහුට ඒදෙදෙනාට උපකාර කිරීම වඩාත්උතුම් බව පවසනු ලැබේ. විවිධ වාර්තාවල අදහස් නිරවුල් කිරීම මෙමඟින් සිදුවේ.
මෙනෙහි කිරීමේ පූර්ණභාවය වනුයේ, හදවත හා දිව යනාදී දෙකම ඒ සමඟ සම්බන්ධ වීමයි. පසු වහදවතින් පසණක් සිදු වන මෙනෙහි කිරම පරිපූර්ණ වේ. පසුව දිවෙන් පමණක් සිදු කරන මෙනෙහි කිරීම පරිපූර්ණ වේ. සෑම තත්ත්වකම උත්තරීතර අල්ලාහ් අභිමත කරන්නේ නම් කුසල් ලැබේ.
උදේ සවස උසුරන ප්‍රාර්ථනාවන්, මස්ජිදයට නිවසට වැසිකිලියට පිවිසෙන විටත් පිටවන විටත් උසුරන ප්‍රාර්ථනාවන් වැනි අවස්ථාවන් හා බැඳුනු දික්රයන් (මෙනෙහි කිරීම්) මුස්ලිම්වරයා පිළිපැදිය යුතුය. එය අල්ලාහ්ව අධිකව මෙනෙහි කරන්නන් අතරට ඔහුව පත් කරනු ඇත.

Attribution

[رواه الترمذي وابن ماجه وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...