افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3007[صحيح]
HadeethEnc · 1.24.0

ඔබ ගැන සැකයෙන් එසේ දිවුරා ඔබගෙන් නො ඇසුවෙමි. නමුත් ජිබ්රීල් පැමිණ සැබැවින්ම අල්ලාහ් මලක්වරුන් සමග ඔබ ගැන අභිමානයෙන් කතා කරන බව මට දැනුම් දුන්නේය" යැයි පැවසූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා මස්ජිදයේ රැස්ව සිටි සභාවකට සහභාගි වීමට පිටත්ව ගියේය. එවිට ඔහු: ‘ඔබ ව වාඩි කෙරෙව්වේ කුමක්දැ?' යි විමසා සිටියේය. ඔවුහු: 'අපි අල්ලාව මෙනෙහි කිරීම සඳහා වාඩි වූයෙමු.' යැයි පැවසුවෝය. ඔහු: 'අල්ලාහ් මත දිවුරා අසමි. ඒ හැර වෙනත් දෙයක් නුඹලා වාඩි නො කෙරෙව්වේ ද?' යැයි විමසා සිටියේය. ඔවුහු. ‘ඒ හැර වෙනත් දෙයක් අප වාඩි කෙරෙව්වේ නැත’ යැයි පැවසුවෝය. ඔහු:'ඇත්තෙන්ම මම නුඹලා ගැන සැකයෙන් එසේ නුඹලාගෙන් දිවුරා නො ඇසුවෙමි. අල්ලාහ්ගේ දූතයාණන් ගැන මට වඩා අඩුවෙන් හදීස් දන්වා සිටි කිසිවකු එතුමා අබියස මාගේ තත්ත්වයේ සිටියේ නැත. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන්, (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ මිතුරන්ගෙන් යුත් සභාවක් වෙත පිටත්ව ගොස් “ඔබව වාඩි කෙරෙව්වේ කුමක් දැ?”යි විමසා සිටියහ. ඔවුහු: "අල්ලාහ්ව මෙනෙහි කරන්නට, ඔහු අප ඉස්ලාමය වෙත මග පෙන්වා අප වෙත එය පිරිනමා ඇති බැවින් ඔහුට ප්‍රශංසා කරන්නට අපි වාඩි වූයෙමු." යැයි පැවසුවෝය. "ඒ හැර වෙනත් දෙයක් ඔබ ව වාඩි නො ‌කළ බවට දිවුරා පවසන්නෙහු ද?" යැයි විමසා සිටියහ. ඔවුහු: "අල්ලාහ් මත දිවුරා පවසමු. ඒ හැර වෙනත් දෙයක් අප වාඩි කෙරෙව්වේ නැත." යැයි කීවෝය. එතුමාණෝ: "ඔබ ගැන සැකයෙන් එසේ දිවුරා ඔබගෙන් නො ඇසුවෙමි. නමුත් ජිබ්රීල් පැමිණ සැබැවින්ම අල්ලාහ් මලක්වරුන් සමග ඔබ ගැන අභිමානයෙන් කතා කරන බව මට දැනුම් දුන්නේය" යැයි පැවසූහ.
02

Explanation

මස්ජිදයේ රැස්ව සිටි පිරිසක් වෙත මුආවියා ඉබ්නු අබූ සුෆ්යාන් (රළියල්ලාහු අන්හුමා) පිටත්ව ගොස් ඔවුන් රැස් වූයේ කවර කරුණක් සඳහා දැයි ඔවුන්ගෙන් විමසා සිටියේය. එවිට ඔවුහු: "අපි අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා" යැයි පැවසුවෝය. මෙනෙහි කිරීමට හැර වෙනත් කිසිඳු කරුණක් සඳහා ඔවුන් රැස්ව වාඩි වන්නට නොසිතූ බව දිවුරා පවසන මෙන් එතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. එවිට ඔවුහු ඔහුට දිවුරා සිටියෝය. පසුව ඔහු: "සැබැවින්ම ඔබ ගැන සැකය නිසාවෙන් හෝ ඔබේ සත්‍ය භාවය ගැන සැකය නිසාවෙන් හෝ මෙසේ දිවුරා පවසන මෙන් මම ඔබෙන් නො ඇසුවෙමි" යැයි පවසා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ තමන්ගේ නිලය ගැන මෙනෙහි කරමින් තම සහෝදරිය වූ උම්මු හබීබා එතුමාණන්ගේ බිරිය වූ බැවින් ද, තමන් දිව්‍ය පණිවිඩ ලේඛන ගත කරන්නන් අතරින් කෙනෙකු වූ බැවින් ද, එතුමාණන්ට සමීප තත්ත්වයේ තමන්ට වඩා කිසිවකු නොවූ බවත් පෙන්වා දෙමින් ඒ සමගම තමන් හදීස් ස්වල්ප ප්‍රමාණයක් පමණක් වාර්තා කර ඇති බවත් දන්වා සිටියේ ය. දිනක් තම නිවසින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිටත්ව ගොස් මස්ජිදයේ අල්ලාහ්ව මෙනෙහි කරමින්, ඉස්ලාමය වෙත ඔවුනට මඟ පෙන්වූ බැවින් හා ඒ වෙත ආශිර්වාද කළ බැවින් ඔහුට ප්‍රශංසා කරමින් වාඩි වී සිටින පිරිසක් දුටුහ. පසුව මුආවියා (රළි) තුමා තම මිතුරන් සමග කටයුතු කළ අයුරින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ද තම මිතුරන්ගෙන් මෙසේ දිවුරා පවසන මෙන් විමසා ඇති බව දන්වා සිටියහ. අනතුරුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන් එසේ ප්‍රශ්න කර සිටීමට හා දිවුරා සිටින මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට හේතු වූ කරුණු ඔවුනට පවසා සිටියහ. එනම්: සැබැවින්ම සූර දූත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා තමන් වෙත පැමිණ සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් ඔබ ගැන මලක්වරුන් ඉදිරියේ අභිමානයෙන් හා පාරාට්ටුවෙන් කතා කරන බවත්, ඔබේ මහිමය ගැන ඔවුන් ඉදිරියේ හෙළි කරන බවත්, ඔබේ ක්‍රියාවන් ගැන ඔවුනට පෙන්වන බවත්, ඔබ ගැන අගයමින් ඔවුන් ඉදිරියේ ප්‍රශංසා කරන බවත් තමන්ට දන්වා ඇති බව පවසා සිටියහ.
03

Benefits

මුආවියා (රළියල්ලාහු අන්හු) තුමාගේ ගුණය හා දැනුම ප්‍රචාරය කිරීමේ දී අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිපැදීම සඳහා වන එතුමාගේ දැඩි උනන්දුව.
වැදගත් තොරතුරක් ගැන දන්වනු පිණිස සැකයක් නොමැතිවම දිවුරා සිටින මෙන් ඉල්ලා සිටීමේ අවසරය.
අල්ලාහ්ව මෙනෙහි කරන හා දැනුම හදාරන සභාවන්හි මහිමය. සැබැවින්ම අල්ලාහ් එය ප්‍රිය කරන අතර මලක්වරුන් සමඟ ඒ ගැන අභිමානයෙන් කතා කරනු ඇත.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...