හුදකලා වූවෝ පෙරට ගියහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මක්කාවේ මාර්ගයක ගමන් කරමින් සිටියහ. එතුමාණෝ ජුම්දාන් නම් කන්ද අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ ගමන් ගන්න. මෙය ජුම්දාන් කන්දය. හුදකලා වූවෝ පෙරට ගියහ." යැයි පැවසූහ. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! හුදකලාවූවෝ කවුරුන්ද?යැයි විමසා සිටියෝය. එවිට එතුමාණෝ “අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් වෙති“ යැයි පැවසූහ.
Explanation
Benefits
අල්ලාහ්ව මෙනෙහි කිරීම දිවෙන් පමණක් හෝ හදවතින් පමණක් හෝ දිව හා හදවත යන දෙකින්ම හෝ විය හැකිය. උසස්ම නිලය එයයි.
උදේ සවස උසුරන ප්‍රාර්ථනාවන්, අනිවාර්යය සලාතයන්ට පසු ඇති ප්‍රාර්ථනාවන් වැනි නියම කරන ලද ආගමානුගත ප්‍රාර්ථනාවන් ද මෙම දික්ර් අතරට අයත් වේ.
නවවි තුමා මෙසේ පවසයි. "මෙනෙහි කිරීමේ මහිමය, අල්ලාහ්ට 'සුබ්හානල්ලාහ්' යැයි සුවිශුද්ධ කරමින් තස්බීහ් පැවසීම, 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි තහ්ලීල් පැවසීම, 'අල්හම්දු ලිල්ලාහ්' යැයි ප්‍රශංසා කරමින් තහ්මීද් පැවසීම හා අල්ලාහු අක්බර් යැයි අල්ලාහ් ශ්‍රේෂ්ඨත්වයට පත් කරමින් තක්බීර් පැවසීම හා එවැනි යම් වදන් මත පමණක් සීමා වන්නක් නොවේ. උත්තරීතර අල්ලාහ්ට අවනත වෙමින් ක්‍රියා කරන සෑම කෙනෙකුම උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන්නෙකු වේ.
අල්ලාහ්ව මෙනෙහි කිරීම ස්ථාවරභාවයේ කරුණු අතරට ඇතුළත් වේ. සුවිශුද්ධයාණෝ මෙසේ පවසයි: "අහෝ විශ්වාස කළවුනි! ඔබ යම් පිරිසක් දුටු විට, ස්ථාවරව සිටින්න. ඔබ ජය ලැබිය හැකිවනු පිණිස අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරන්න." (අල්-අන්ෆාල්: 45)
අල්ලාහ්ව මෙනෙහි කරන්නන් හා ජුම්දාන් කන්ද අතර උපමා කර පෙන්වා ඇත්තේ එය වෙන්ව හා හුදෙකලාවේ පවතින ස්වභාවයයි. ජුම්දාන් කන්ද සෙසු කඳුවලින් වෙන්ව පවතින්නකි. උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන්නා ද ඔහු ජනයා අතර සිටිය ද, ඔහුගේ හදවත හා ඔහුගේ දිව ඔහුගේ පරමාධිපතිව මෙනෙහි කරමින් තනිවී පවතී. ඔහු මිනිසුන් සමග අධික ලෙස ගැවසීමෙන් දුරස්ව හුදෙකලා වේලාවන් හි එහි බැඳී සිටියි. එමෙන්ම එම උපමාව තවත් පැතිකඩකින් බැලූ කල, මහපොළොව ස්ථාවරව පිහිටීමට කන්ද හේතුවක් වන්නා සේම දහම මත ස්ථාවරව පිහිටීමට අල්ලාහ්ව මෙනෙහි කිරීම හේතුවක් වන්නේය. එසේ නැතහොත් මදීනාවේ සිට මක්කාව වෙත ගමන් කරන මගියෙකු මෙන් ඔහු ජුම්දාන් කන්ද වෙත ළඟා වූ විට මක්කාව වෙත පිවිසුණු බවට සළකුණකි. ඒ වෙත කවුරුන් ළගා වූයේ ද ඔහු පෙරටුගාමියෙකු වේ. එසේම උත්තරීතර අල්ලාහ් මෙනෙහි කරන්නා ද අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කිරීම තුළින් සෙසු අයට වඩා පෙරටුගාමී ව සිටින්නෙකු වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

