මා සිහිපත් කරන, මා ගැන (සිහිපත් කිරීමේදී) තම දෙතොල් සෙලවුණු මාගේ ගැත්තා සමග මම වෙමි යැයි උත්තරීතර අල්ලාහ් පවසා සිටියි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මා සිහිපත් කරන, මා ගැන (සිහිපත් කිරීමේදී) තම දෙතොල් සෙලවුණු මාගේ ගැත්තා සමග මම වෙමි” යැයි උත්තරීතර අල්ලාහ් පවසා සිටියි.
Explanation
මෙම හදීසයේ අර්ථය තවත් හදීසයක මෙසේ වාර්තා වී ඇත. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පවසා ඇති බව ඉමාම් බුහාරි තුමා තම සහීහ් ග්රන්ථයේ මෙසේ දන්වා සිටියි: මාගේ ගැත්තා මා සිහිපත් කරන අයුරින් මම ද වෙමි. ඔහු සිහිපත් කරන විට මම ඔහු සමග වෙමි. ඔහු තුළ ඔහු මා සිහිපත් කරන්නේ නම් මා තුළම මම ඔහුව සිහිපත් කරමි. යම් පිරිසක් අතර මා සිහිපත් කරන්නේ නම් මමද ඔවුනට වඩා උතුම් පිරිසක් අතර ඔහුව සිහිපත් කරමි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

