“ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න”
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් බින් බුස්ර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. එක්තරා පුද්ගලයකු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඉස්ලාමයේ පිළිවෙත් මා වෙත බහුල වී ඇත. ඒවායින් මා ඉටු කළ යුතු වැදගත්ම කරුණු ගැන මට කියා දෙන්න’ යැයි පැවැසුවේය. “ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න”
Explanation
එවිට එතුමාණෝ ඔහුට පෙන්වා දුන්නේ, අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, ඔහු ගැන ගුණ ගායනා කිරීම, ඔහුගෙන් පාපක්ෂමාව අයදීම, ප්‍රාර්ථනා කිරීම යනාදියෙන් සෑම වේලාවකම හා සෑම අවස්ථාවකම සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ දිව නිරන්තරයෙන් සක්‍රීයව තබා ගන්නා මෙනි.
Benefits
අල්ලාහ්ගේ අතිමහත් භාග්‍යය වනුයේ කුසල් සඳහා වන හේතු සාධක පහසු කර දීමය.
ධර්මිෂ්ඨකමේ සහ යහපත්කමේ දොරටු, මිනිසුන් ඒවා ලැබීමේ දී එකිනෙකට වෙනස් වේ.
අල්ලාහ්ව සුවිශුද්ධ කොට තස්බීහ් පවසමින් ද ඔහුව ප්‍රශංසා කොට තහ්මීද් පවසමින් ද, ඔහුගේ ඒකීයත්වය පිළිගෙන තහ්ලීල් පවසමින් ද, ඒ හැර වෙනත් ගුණ ගායනාවන්හි නිරත වෙමින් ද, නිහතමානී සිතකින් යුතුව නිතර අල්ලාහ්ව අධිකව සිහිපත් කිරීම අධික ලෙස අමතර පිළිවෙත් කිරීමේ ස්ථානයේ පවතී.
ප්‍රශ්න කරන්නන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සැළකිලිමත් වෙමින් ඔවුනොවුනට ගැලපෙන ආකාරයෙන් පිළිතුරු දීම.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

