ගමනේදී උපවාසයේ නිරත වීම සම්බන්ධයෙන් මිනිසෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසා සිටියේය. “එවිට එතුමා ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති නම් එයින් මිදෙනු.“ යැයි පවසා සිටියහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම හම්සා්සාබ්නු අම්ර් අල් අස්ලමී තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් “ගමනේදී මම උපවාසය රකින්නදැ“?යි විමසා සිටියේය. -ඔහු අධික ලෙස උපවාසය රකින්නෙකු විය.- එවිට එතුමා: “ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති නම් එයින් මිදෙනු.“ යැයි පවසා සිටියහ.
Explanation
එවිට එතුමා උපවාසය රැකීම හා ඉන් මිදීම යන කරුණු දෙකින් එකක් තෝරාගන්නට කැමැත්ත ලබා දුන්හ. ඒ අනුව එතුමා මෙසේ පවසා සිටියහ. “ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති නම් එයින් මිදෙනු.“
මෙයින් අදහස් කරනුයේ අනිවාර්යය උපවාසය පිළිබඳවයි. එය අල්ලාහ්ගෙන් වූ අවකාශයකි යැයි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පවසා ඇත්තාහ.
එතුමා විමසා සිටියේ අනිවාර්යය උපවාසය ගැන බව මෙය වටහා දෙයි. ඉමාම් අබූ දාවූද් දන්වා සිටි හදීසයක් ද එයට සාධක වශයෙන් පිහිටා ඇත. එතුමා මෙසේ පවසා ඇත. අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම වාහනයක හිමිකරුවකි. මම උගෙන් වැඩ ගනිමි. ඒ මත නැග ගමන් කරමි. ඌ අතහැර දමමි. ඇතැම් විට මෙම මාසයේ ඌ මට හරහට සිටියි. එනම් රමළාන් මාසයේ. මම (උපවාසය රකින්නට) ශක්තිය දරමි." සැබැවින්ම ඔහු අනිවාර්යය මෙන්ම අතිරේක යන උපවාසයන් ගැන පොදුවේ විමසා සිටි බවට 'එතුමා අධික ලෙස උපවාසයේ නිරතවන්නෙකු වූහ' යන ප්රකාශය උසුලා ඇත. මෙමගින් පැහැදිලි වනුයේ සැබැවින්ම ගමනේදී උපවාසයෙන් මිදීම අල්ලාහ්ගෙන් වූ අවකාශයක් වන බවය. කවරෙකු එම අවකාශය ගන්නේද ඔහුට එහි කුසල ඇති වන්නේය. කවරෙකු උපවාසයේ නිරත වූයේද එය ඔහුට අනුමත වන්නේය. තමන් වෙත අනිවාර්යය දෑ ඉටු කිරීමක් ලෙස ඔහුගේ උපාවාසය සැළකේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

