අත්පිට ලෙස මිස රිදී රනට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස තිරිඟු තිරිඟුවට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස බාර්ලි බාර්ලියට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස රට ඉඳි රට ඉඳියට හුවමාරු කිරීම පොලියකි
මාලික් ඉබ්නු අව්ස් ඉබ්නු අල්-හදසාන් විසින් මෙසේ වාර්තා කරන ලදී. හෙතෙම: දිර්හම් (රන්) හුවමාරු කරන්නේ කවුරුන්දැ?යි මම විමසන්නට ගත්තෙමි. එවිට උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හුමා) තුමා සිටිය දීම තල්හා ඉබ්නු උබෙයිදුල්ලාහ් තුමා මෙසේ පැවසූහ: "ඔබේ රන් අපට පෙන්වන්න. අපගේ සේවක…

