රන් සඳහා රන්, රිදී සඳහා රිදී, තිරිඟු සඳහා තිරිඟු, බාර්ලි සඳහා බාර්ලි, රටඉඳි සඳහා රටඉඳි, ලුණු සඳහා ලුණු වැනි එකට එක සමානව, අතට අත (අත්පිට මුදලට ගනුදෙනු) සිදු විය යුතුයි. මෙම වර්ග වෙනස් වී නම්, එය අතට අත අත්පිට මුදලට නම්, ඔබ කැමති පරිදි විකුණා ගන්න
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "රන් සඳහා රන්, රිදී සඳහා රිදී, තිරිඟු සඳහා තිරිඟු, බාර්ලි සඳහා බාර්ලි, රටඉඳි සඳහා රටඉඳි, ලුණු සඳහා ලුණු වැනි එකට එක සමානව, අතට අත (අත්පිට මුදලට ගනුදෙනු) සිදු විය යුතුයි. මෙම වර්ග වෙනස් වී නම්, එය අතට අත අත්පිට මුදලට නම්, ඔබ කැමති පරිදි විකුණා ගන්න."
Explanation
Benefits
පොලී ගනුදෙනු තහනම් ය.
කොළ සල්ලි වනාහි, පොලිය යන හේතු සාධකය මත රන් හා රිදී සඳහා වන නීතිය එයට ද අදාළ වේ.
පොලී ඇති විය හැකි භාණ්ඩ ගනුදෙනු කිරීමේ තත්ත්වයන් හයකි. 1- පොලී භාණ්ඩය එම වර්ගයේම පොලී භාණ්ඩයකට විකිණීම. එය රන් සඳහා රන්, රටඉඳි සඳහා රටඉඳි විකුණන්නාක් මෙනිය. එය වලංගු වීමට නම් කොන්දේසි දෙකක් ඇත. කිරුමෙහි හා මිනුමෙහි එකිනෙකට සමාන විය යුතුය. ගිවිස ගත් ස්ථානයේම හුවමාරු විය යුතුය. 2- පොලී භාණ්ඩය වෙනත් වර්ගයේ පොලී භාණ්ඩයකට එකම හේතු සාධකයක් මත පදනම්ව විකිණීම. එය රන් සඳහා රිදී තිරිගු සඳහා බාර්ලි විකුණන්නාක් මෙනි. එහි දී එකිනෙකට සමාන විය යුතු නොවන අතර නමුත් අතිනතට හුවාමාරු කර ගැනීම කොන්දේසි වශයෙන් පැනවේ. 3- පොලී භාණ්ඩය වෙනත් වර්ගයේ පොලී භාණ්ඩයකට වෙනස් වූ හේතු සාධක මත පදනම්ව විකිණීම. ඒ සඳහා කොන්දේසි පැනවෙන්නේ නැත. අත්පිට සිදුවිය යුතු යැයි හෝ එකිනෙකට සමාන විය යුතු යැයි කොන්දේසි පැනවෙන්නේ හෝ නැත. එය රන් සඳහා රටඉඳි විකුණන්නාක් මෙනි.
පොලී නොවන භාණ්ඩ හෝ ඉන් එකක් පොලී සහිත අනෙක පොලී නොවන භාණ්ඩ හෝ විකිණීම හා මිලදී ගැනීම. ඒ සඳහා කොන්දේසි පැනවෙන්නේ නැත. අත්පිට සිදුවිය යුතු යැයි හෝ එකිනෙකට සමාන විය යුතු යැයි කොන්දේසි පැනවෙන්නේ හෝ නැත. එය රන් සඳහා නිශ්චල දේපල විකුණන්නාක් මෙනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

