කල් දමා රනට රිදී හුවමාරු කිරීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබුල් මින්හාල් තුමා විසින් වාර්තා කරන ලදී. “මම භාණ්ඩ හුවමාරුව පිළිබඳව අල් බරා ඉබ්නු ආසිබ් හා සෙයිද් ඉබ්නු අර්කම් යන දෙදෙනාගෙන් විමසුවෙමි. එවිට ඔවුන් සෑම කෙනෙකුම තමන්ට වඩා අනෙකා උතුම් පව පවසා සිටියේය. ඔවුන් දෙදෙනාම “කල් දමා රනට රිදී හුවමාරු කිරීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වැළැක් වූ බව පවසා සිටියෝය.
Explanation
ඔවුන් තුළ තිබූ නිහතමානත්වය හේතුවෙන් ඔවුන් සෑම කෙනෙකුම ඒ සඳහා තීන්දු දෙන්නට අනෙකාට භාර කළේය. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුම තම සහෝදරයා ඉදිරියේ තමන් පහත් බව පෙන්වීය. නමුත් ඔවුන් දෙදෙනා සුරක්ෂා කළ දෑහි එකඟ වූහ. කල් දී රනට රිදී හුවමාරු කිරීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ යැයි පවසා සිටියහ. හේතුව එහිදී පොළියට තුඩු දෙන කාරණා ඉස්මතු වන බැවිනි. ඒ අනුව වෙළඳ ගිවිසුම සිදුවන ස්ථානයේ අත්පිට ලෙසින් ගනුදෙනුව සිදුවීම අවශ්ය වේ. එසේ නොවේ නම් ගනු දෙනුව වලංගු නොවේ. එවිට එය පොළියක් බවට පත් වනු ඇත.
පොළිය යනු තහනම් කරන ලද මුදල් හුවමාරුවයි. එය කොටස් දෙකකට බෙදෙයි. පළමුවැන්න, ණය හේතුවෙන් ඇතිවන පොළියයි. එය පවතින ණය ප්රමාණයට වඩා අධිකව යම් මුදලක් ලබා ගැනීමයි. දෙවැන්න ව්යාපාරයේ ඇතිවන පොළිය.එනම් එය නියමිත වර්ගයන්හි අධික ලෙසින් හෝ කල් දෙමින් සිදු වන ගනුදෙනුවයි. එයට පොළීවර්ගයේ භාණ්ඩ යනුවෙන් හඳුන්වනු ලැබේ. උදාහරණ වශයෙන් රනට රන් හා ධාන්යයට ධාන්යය හුවමාරු කරන්නාක් මෙනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

