අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක.
Explanation
Benefits
හදීස්වාදීන්ගේ මහිමය හා එය සොයා හැදෑරීමේ ගෞරවය විස්තර කිරීම.
යමක් වටහා ගෙන, ඒවා පරිශීලනය කර, එහි කරුණු මතු කර ගන්නා විද්වතුන්ගේ මහිමය.
සහාබාවරුන්ගේ මහිමය. ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හදීස් ලබා ඒවා අපට දන්වා සිටියෝය.
මනාවී තුමා මෙසේ පවසයි: "සැබැවින්ම හදීසය වාර්තා කරන්නා සතුව අවබෝධයක් තිබිය යුතු යන කොන්දේසිය අදාළ නොවන බව මින් පැහැදිලි වේ. සැබැවින්ම ඔහු සතුව තිබිය යුතු කොන්දේසිය වනුයේ මනා ධාරණ හැකියාවය. විද්වතා වෙත පැවරෙනුයේ අවබෝධ කර ගැනීම හා පරිශීලනය කිරීමය.
ඉබ්නු උයෙයිනා මෙසේ පවසයි: "කිසියම් කෙනෙකු හදීසයක් සොයා යන්නේ ද ඔහුගේ මුහුණේ එම හදීසය හේතුවෙන් ප්‍රබෝධයක් දැක ගත හැක.
හදීස් වාදීන් අතර ධාරණය කිරීම ක්‍රම දෙකක් මත විය. සිතින් හා හදවතින් ධාරණය කිරීම හා ලිවීමෙන් හා ලේඛනගත කිරීමෙන් ධාරණය කිරීම. මෙම හදීසය තුළ සඳහන්ව ඇති ප්‍රාර්ථනාව මේ කරුණු දෙක සඳහාම අදාළ වේ.
මිනිසුන් අවබෝධකර ගැනීමේ මට්ටම විවිධය. ප්‍රචාරය කරන්නා සවන් දුන් තැනැත්තාට වඩා ධාරණ හැකියාව තිබිය හැක. අවබෝධය උසුලා සිටින තැනැත්තා නීතිවාදියෙකු නොවිය හැක.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

