افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3689[صحيح]
HadeethEnc · 1.24.0

‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට ආදේශ නොතබන්න. නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කරන්න. අනිවාර්යය කරන ලද සකාතය පිරිනමන්න. රමළාන් මාසයේ උපවාසයේ නිරත වන්න.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම ගැමි අරාබිවරයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: ‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට ආදේශ නොතබන්න. නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කරන්න. අනිවාර්යය කරන ලද සකාතය පිරිනමන්න. රමළාන් මාසයේ උපවාසයේ නිරත වන්න.” යැයි පැවසීය. ඔහු: ‘මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා සිටිමි. මීට වඩා කිසිවක් මම අධික නොකරමි.’ යැයි පැවසීය. පසුව ඔහු හැරී ගිය කල්හි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “ස්වර්ගවාසීන් අතරින් මිනිසෙකු දෙස බලන්නට කවරෙකු ප්‍රිය කරන්නේ ද මොහු දෙස බලත්වා!”
02

Explanation

ගම්බද මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ තමන් ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් තමන්ට පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටියේය. සැබැවින්ම ස්වර්ගයට පිවිසීම හා අපා ගින්නෙන් මිදීම පිහිටා ඇත්තේ ඉස්ලාමයේ මූලිකාංග ඉටු කිරීම මත හා අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කරමින් හා ඔහුට කිසිවක් ආදේශ නොකිරීම මත බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුට පිළිතුරු දුන්නේය. එමෙන්ම සෑම රැයකම හා දහවලකම තම ගැත්තන් කෙරෙහි අල්ලාහ් අනිවාර්යය කළ පස්වාර සලාතය ඉටු කිරීම. අල්ලාහ් ඔබට අනිවාර්යය කළ වස්තුවේ සකාතය පිරිනැමීම; ඒවා සුදුසුකම් ලාබීන් හට භාර දීම. රමළාන් මාසයේ උපවාසය නියමිත කාලය තුළ ප්‍රවේසමින් ඉටු කිරීම. එම පුද්ගලයා, 'මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. අවනතභාවයේ කවර කරුණක් මා ඔබෙන් සවන් දුන්නේ ද එවන් අනිවාර්යය කරනු ලැබූ ක්‍රියාවට අමතර කිසිවක් මම වැඩි නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි' යැයි පැවසී්‍ය. ඔහු හැරී ගිය පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: ස්වර්ගවාසීන් අතරින් මිනිසෙකුව දකින්නට කවරෙකු ප්‍රිය කරන්නේ ද ඔහු මෙම ගැමි අරාබිවරයා දෙස බලත්වා.
03

Benefits

නැමදුම් කටයුතුවල උත්තරීතර අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම අල්ලාහ් වෙත ඇරයුම් කිරීමෙහි ආරම්භ කළ යුතු පළමුවැන්නය.
ඉස්ලාම් ආගමට අලුතින් පැමිණෙන අයට අනිවාර්යය වගකීම් ඉගැන්වීම ප්‍රමාණවත්ය.
සර්ව බලධාරී අල්ලාහ් වෙත කෙරෙන ඇමතුම ක්‍රමාණුකූලව සිදු විය යුතුය.
පුද්ගලයකු තම ආගමික කරුණු හැදෑරීමට උනන්දු වීම.
මුස්ලිම්වරයකු අනිවාර්යය කටයුතුවලට පමණක් සීමා වූ විට, ඔහු සාර්තකත්වය ලබනු ඇත. නමුත් අනිවාර්යය නොවන අතිරේක කටයුතු පිළිබඳ නොසැළකිලිමත් වීම සුදුසු වන්නේ නැත. සැබැවින්ම අතිරේක කටයුතු අනිවාර්යය කටයුතුවල සිදුවන අඩුව පුරවා දමනු ඇත.
ඇතැම් නැමදුම් සඳහන් කරමින්ම නියම කර තිබීම එහි වැදගත්කම පෙන්වා දෙයි. ඒ සඳහා දිරිමත් කරයි. ඒ හැර සෙසු දෑ අනිවාර්යය නොවන බවට අදහස් කරන්නේ නැත.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...