افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6262[صحيح]
HadeethEnc · 1.24.0

අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නො කරනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නො කරනු ඇත." එනම් එහි සුවඳය.
02

Explanation

අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන මූලික ආගමික දැනුමක් යමෙකු හදාරන්නේ නම්, ඔහු එමගින් මෙලොව මුදලින් හෝ නිලයෙන් හෝ භුක්තියක් හෝ කොටසක් හෝ ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නොකරන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.
03

Benefits

දැනුම සේවීමේ දී තිබිය යුතු අවංකභාවය, ඒ සඳහා උනන්දු කිරීම.
ඉස්ලාමීය දැනුම ප්‍රදර්ශනය කිරීමක් ලෙස හෝ ලෞකික ලාභ ප්‍රයෝජන සඳහා වන මාධ්‍යයක් ලෙස ගැනීම සම්බන්ධයෙන් දැඩි අවවාදය. මන්ද එය මහා පාපයකි.
උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් දැනුම සොයා, ඊට පරව ලෞකික ප්‍රතිලාභ ද ඔහුට පැමිණෙන්නේ නම් එය ගැනීම ඔහුට අනුමත වන්නේ ය. ඉන් ඔහුට කිසිදු හානියක් වන්නේ නැත.
සින්දි තුමා මෙසේ පවසයි: "ස්වර්ගයේ ගන්ධය - සුවද මෙයින් ස්වර්ගය තහනම් වීමේ අතිශයෝක්තිය පෙන්වා දෙයි. මක්නිසාදයත් යම් වස්තුවක සුවද නොදැනෙන්නේ නම්, ඔහු එය ලබන්නේ නැති බැවිනි.
කිසිවෙක් අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා හෝ යම් රැකියාවක් සඳහා හෝ වෙනත් අරමුණක් මුල් කර ගෙන සොයන යම් දැනුමක් හැදෑරුවේ නම්, ඒ වෙනුවෙන් ඔහු අල්ලාහ්ගෙන් පශ්චාත්තාප වී සමාව අයැද සිටිය යුතුයි. දූෂිත චේතානවෙන් ඔහු තුළ හට ගත් දෑ ඔහුගෙන් අල්ලාහ් ඉවත් කරනු ඇත. ඔහු මහත් භාග්‍යයෙන් යුත් උත්තරීතර සුවිශුද්ධයාණන්ය.
මෙම අනතුරු ඇඟවීම ඉස්ලාමීය දැනුම සොයන්නන් සඳහා වේ. මෙලොව යහපත සඳහා ඉංජිනේරු විද්‍යාව, රසායන විද්‍යාව සහ වෙනත් ලෞකික සැප සම්පත් සඳහා ලෞකික දැනුම සොයන තැනැත්තා සම්බන්ධයෙන් ගත් කල, ඔහුට ඔහුගේම චේතනාව ඇත.

Attribution

[رواه أبو داود وابن ماجه وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...