افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4233[صحيح]
HadeethEnc · 1.24.0

අල්ලාහ් මා වෙත එවූ මඟ පෙන්වීමට සහ දැනුමට උපමාව, භූමියට ඇද හැළෙන තද වැස්සක් වැනි ය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ් මා වෙත එවූ මඟ පෙන්වීමට සහ දැනුමට උපමාව, භූමියට ඇද හැළෙන තද වැස්සක් වැනි ය. ඒ අතරින් ජලය පිළිගෙන අධික ලෙස තණකොළ හා පැළෑටි හට ගන්වන පිවිතුරු සාරවත් භූමියක් වේ. එමෙන්ම ඒ අතරින් ජලය අවශෝෂණය කර රඳවා ගනිමින්, එමගින් අල්ලාහ් මිනිසුන්ට ප්‍රයෝජය ගෙන දෙන භූමියක් ද වේ. ඔවුන් ඉන් පානය කරති, ජලය සම්පාදනය කරති. වගා කරති. වැසි ජලය ලබන තවත් පැත්තක් ඇත. එය ජලය නොරැඳෙන, පැළෑටි හට නොගන්නා මුඩු පැතලි භූමියකි. අල්ලාහ්ගේ ආගම අවබෝධ කර ගෙන, අල්ලාහ් මා වෙත එවූ දෙයින් ප්‍රයෝජන ගන්නා අයගේ උපමාව එවැනිය. ඔහු හදාරා අන් අයට ද උගන්වයි. කවරෙකු ඉන් හිස ඔසවා නොගත්තේ ද මා වෙත එවන ලද අල්ලාහ්ගේ මඟ පෙන්වීම පිළි නොගත්තේ ද ඔහු සඳහා උපමාව ද එයයි."
02

Explanation

අපේක්ෂිත දෑට ළඟා කරවන මාර්ගය හා සාධකය මෙන්ම ආගමික දැනුම යනාදිය සම්බන්ධයෙන් කවර කරුණක් සඳහන්ව ඇත්තේ ද එයින් ප්‍රයෝජනය ලබන්නා අධික ලෙස වර්ෂාව ඇද හැළෙන භූමියට සමාන කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මවිතයට පත් විය. එය කොටස් තුනක් විය. පළමුවැන්න: පිරිසිදු සාරවත් භූමියකි. එය වර්ෂා ජලය පිළිගනී. පසුව අධික ලෙස තෙත් හා වියළි පැළෑටි මතු කරයි. එමගින් ජනයා ප්‍රයෝජනය ලබනු ඇත. දෙවැන්න: ජලය රඳවාගෙන තිබුණ ද, පැළෑටි හට නොගැනෙන භූමියකි. එය මිනිසුනට ප්‍රයෝනවත් වන පරිදි ජලය සංරක්ෂණය කර තබා ගනී. එමගින් ඔවුන් පානය කරති, තම ගොවිපළ සතුන්ට හා ගොවිබිම්වලට ජලය සපයති. තුන්වැන්න: ජලය නොරැඳෙන පැළෑටි හට නොගන්නා, සිනිඳු, පැතලි භූමියකි. එය එම ජලයෙන් ප්‍රයෝජනය නොලබන අතර එමගින් මිනිසුන් ද ප්‍රයෝජනය නොලබති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත එවන ලද දැනුම හා මඟ පෙන්වීමට සවන් දෙන ශ්‍රාවකයින් එලෙස ය. පළමුවැන්නා: අල්ලාහ්ගේ දහම පිළිබඳ අවබෝධය ලබා, එම දැනුම අනුව ක්‍රියා කර, එය අන් අයට උගන්වන විද්වතාය. තමන් ප්‍රයෝජනය ලබා, ගහ කොළ හට ගන්වා, අන් දෑට ප්‍රයෝජනය සළසන සාරවත් භූමියේ මට්ටමෙහි ඔහු පසුවෙයි. දෙවැන්නා: දැනුම සංරක්ෂණය කරන නමුත් ඒ ගැන අවබෝධයක් හෝ ප්‍රයෝජනයක් නොලබන තැනැත්තාය. ඔහු දැනුම රැස්කරයි. ඒ සඳහා කාලය ගත කරයි. නමුත් ස්වෙච්චාවෙන් කළ යුතු දෑ ඉටු නොකරයි. ඔහු රැස්කළ දෑ ගැන අවබෝධය නොලබයි. ඔහු අන් අයට මෙවලමක් වේ. ජලය එහි රඳවාගෙන මිනිසුන්ට ඉන් ප්‍රතිලාභ ගෙන දෙන භූමියක තත්ත්වයේ ඔහු පසුවෙයි. තුන්වැන්නා: දැනුමට සවන් දුන්න ද එය ආරක්ෂා නො කරන, ඒ අනුව කටයුතු නො කරන, අන් අයට සම්ප්‍රේෂණය නො කරන තැනැත්තාය. ඔහු ගහ කොළ නැති ජලය පිළි නොගන්නා, අන් දෑ ද දූෂිත කර දමන මුඩු භූමියක තත්ත්වයේ පසුවෙයි.
03

Benefits

දැනුම සෙවීම හා එය ඉගැන්වීමේ මහිමය විස්තර කිරීම. ඒ දෙකට පිටුපෑම ගැන අවවාද කිරීම.
මිනිසුන්ට අර්ථය සමීප කර, පැහැදිළි කිරීමට උපමා ගෙන හැර පෑම.
කුර්තුබී තුමා මෙසේ පවසයි: "වර්ෂාව මිය ගිය භූමිය ප්‍රාණවත් කරන පරිදි ආගමික දැනුම මිය ගිය හදවත ප්‍රාණවත් කරයි. පසුව ඒ සඳහා සවන් දෙන ශ්‍රාවකයින් වර්ෂාව පහළ වන විවිධ ප්‍රදේශ සමග උපමා කොට පවසා ඇත.
ආගමික දැනුම හැදෑරීමෙහි මිනිසුන් විවිධ තරාතිරම්වල සිටිති.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...