“කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. කවරෙකු දැනුම සොයමින් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් වාඩි වී අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්‍යයනය කරමින් වාඩි වී සිටින්නේ ද ඔවුන් වෙත සැනසුම පහළ වී ආශිර්වාදය ඔවුන් ආවරණය කර මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු මිස නැත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. යහපත් ක්‍රියාවන්හි මන්දගාමී තැනැත්තා, ඔහුගේ (ඉහළ) පරම්පරාව ඔහුට ඉදිරියට යාමට ඉඩ නොදේ.”
Explanation
Benefits
දුෂ්කර තත්වයට පත්වු අයට පහසුකම් සැළසීමට දිරිගැන්වීම.
මුස්ලිම් ගැත්තන් හට උපකාර කිරීම සඳහා දිරිගැන්වීම. ඔහු තම සහෝදරයාට උපකාර කරන පරිදි සැබැවින්ම අල්ලාහ් ද ඔහුගේ උපාකරයට උපකාර කරන්නාය.
මුස්ලිම්වරයා වසන් කිරීම යනු: ඔහුගේ වැරදි දෙස එබී නො බැලීමය. සලෆ්වරුන් හෙවත් ඇතැම් ආරම්භකයින් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. අඩුපාඩු නැති පිරිසක් ඔබ මුණ ගැසෙයි. නමුත් ඔවුන් මිනිසුන්ගේ අඩුපාඩු සඳහන් කරති. එවිට ඔවුන්ගේ අඩුපාඩු මිනිසුන් විසින් ද සඳහන් කරනු ඇත. අඩුපාඩු සහිත පිරිසක් ඔබ මුණ ගැසෙයි. නමුත් ඔවුන් මිනිසුන්ගේ අඩුපාඩු සඳහන් කිරීමෙන් වැළකී සිටිති. එවිට ඔවුන්ගේ අඩුපාඩු ද අමතක කරනු ලැබේ.
වසන් කළ යුතු යැයි පැවසීමෙන් ඔහු කරන පිළිකුල් සහගත දෑ නො වැළැක්වීම හා ඔහුව වෙනස් කිරීමට උත්සාහ නොකිරීම ඉන් අදහස් කරන්නේ නැත. ඔහුව වෙනස් කිරීමට උත්සාහ දැරිය යුතු අතර වැරදි වසන් කළ යුතුය. සැබැවින්ම මෙය අදාළ වනුයේ දූෂණය හා සීමාව ඉක්මවා අපරාධ කරන පුද්ගලයකු යැයි හඳුනාගනු නො ලැබූ කෙනෙකු සම්බන්ධවය. එලෙස හඳුනා ගනු ලැබූ පුද්ගලයකු නම් එවිට එය වසන් කිරීම සතුටු දායක නොවනු ඇත. අර්බුදයක් ගැන බියක් ඇති නොවූ විටෙක, ඔහුගේ කරුණ අදාල කටයුතු භාර උදවිය වෙත යොමු කළ යුතුය. මන්ද එය වසන් කිරීම, දූෂණය කිරීමට ඔහුව පොළඹවන නිසාත්, මිනිසුන්ට හානි කිරීමට ඔහුව ධෛර්යමත් කරන නිසාත්, වෙනත් දුෂ්ට හා මුරණ්ඩු මිනිසුන්ව ධෛර්යමත් කරන නිසාවෙනි.
දැනුම සෙවීමට, අල් කුර්ආනය කියවීමට හා එය අධ්‍යයනය කිරීමට උනන්දු කරවීම.
නවවි තුමා මෙසේ පවසයි: මස්ජිදයේ අල් කුර්ආනය කියවීම සඳහා ඒකරාශි වීමේ මහිමය මෙය පෙන්වා දෙයි. මෙම සාමුහික කටයුත්තේ මහිමය සාක්ෂාත් කර ගැනීම සඳහා, සර්ව බලධාරී අල්ලාහ්ගේ අභිමතය පරිදි පාසලක, අධ්‍යපන ආයතනයක හෝ ඒ හා සමාන රැස්වීම් මස්ජිදයට අනුයුක්ත කර ඇත.
ප්‍රතිඵල පෙළ ගැසෙනුයේ ක්‍රියාවන් මත පදනම්ව මිස පරම්පරාව මත පදනම්ව නොවේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

