එහි වැසියන් තමන්ටම අපරාධ කර ගත් ස්ථාන වෙත නුඹලා නො පිවිසෙනු. නමුත් හඬා වැළපෙන්නන් ලෙස මිස
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී: "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග හිජ්ර් දේශය හරහා ඇවිඳ ගියෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ අප හට මෙසේ පැවසූහ": "එහි වැසියන් තමන්ටම අපරාධ කර ගත් ස්ථාන වෙත නුඹලා නො පිවිසෙනු. නමුත් හඬා වැළපෙන්නන් ලෙස මිස. ඔවුනට අත් වූ දෑ මෙන් යමක් ඔබට ද අත්වීම ගැන පරිස්සම් වන්න." පසුව අනතුරු අඟවමින් එය පසුකර යන තෙක් ඉක්මණින් ගමන් ගත්හ."
Explanation
Benefits
දඬුවමට ලක් වූ ඔවුන්ගේ වාසස්ථානවල ඔවුන්ගෙන් පසු කිසිවකු වාසය කර නැති අතර එය දේශයක් ලෙස ගෙන ද නැත. ඊට හේතුව එහි වෙසෙන පුරවැසියෙකුට අඛණ්ඩව හඬමින් ජීවත් වීමට නොහැකි බැවිනි. මෙම තත්ත්වය තුළ හැර එහි පිවිසීම තහනම් කරනු ලැබ ඇත.
නවවි තුමා මෙසේ පවසයි: "අපරාධකරුවන්ගේ වාසස්ථාන හා විනාශ වී ගිය ස්ථාන අතරින් ගමන් ගන්නා විට, ඒ ගැන සැලකිලිමත් වීම ගැන මෙහිදී උනන්දු කරවා ඇති අතර මුහස්සිර් මිටියාවත අතරින් වේගයන් ගමන් කරන මෙන් අවධාරණය කර ඇත. මක්නිසාද යත් ඇත් සේනාව විනාශ කරනු ලැබුවේ එම ස්ථානයේදීය. එබැවින්, මෙවන් ස්ථාන හරහා ගමන් ගන්නා, තම අවධානය යොමු කළ යුතුය. බිය විය යුතුය. හඬා වැළපිය යුතුය. ඔවුන් ගැනත් ඔවුන්ගේ අරගල ගැනත් අවධානය යොමු කළ යුතුය. එවන් දැයින් අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!"
මෙම තහනම හා අවවාදය සමූද් වාසස්ථාන මෙන්ම ඒ අර්ථයෙන්ම දඬුවම පහළ වූ සෙසු සමූහයාගේ වාසස්ථාන ද ආවරණය කරයි.
සංචාරක, විනෝද චාරිකා සහ වෙනත් දේ සඳහා මෙම ස්ථාන සහ වාසස්ථාන භාවිතා කිරීම තහනම්ය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

