ගමන, වේදනාවෙන් කොටසකි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ගමන, වේදනාවෙන් කොටසකි. එය තම ආහාරයෙන් පානයෙන් හා නින්දෙන් ඔබව වළක්වාලයි. ඔබ අතුරින් කිසිවකු තම ගමන අවසන් කළ විට, තම පවුල වෙත ඉක්මණින් ගමන් කරත්වා!
Explanation
“එය තම ආහාර පානයෙන් හා නින්දෙන් ඔබව වළක්වාලයි.“ යන ප්රකාශය වනාහි එහි ඇති දුෂ්කරතාව වෙහෙස එමෙන්ම අව්වෙන් සීතලෙන් බියෙන් ඇතිවන අපහසුතාව ඥාතීන් හා මිතුරන්ගේ වෙන්වීමෙන් ඇතිවන දුක ජනජීවිතයේ ඇති රළුභාවය හේතුවෙන් ජීවිතයේ පූර්ණ රසාස්වාදයෙන් හා එහි ආශ්වාදයෙන් ඔහුව වළක්වාලනු ඇතැයි යන්නයි. මගියා කාර්ය බහුල තත්ත්වයක පසුවෙයි. සාමාන්ය දිනයන්හි ඔහු අනුභව කරන මෙන් හෝ පානය කරන මෙන් හෝ ඔහු අනුභව නොකරයි. පානය නොකරයි. නින්දේදීත් ඔහු එලෙසමය. එසේ වූ විට මිනිසා විවේකය සොයා තම පවුල වෙත හා තම රට වෙත නැවත යා යුතුව ඇත. තම පවුල වෙත අවධානය යොමු කිරීමටත් ඔවුනට විනය ඉගැන්වීමටත් ඒ හැර වෙනත් කරුණු ක්රියාත්මක කිරීමටත් හැකිවනු ඇත. ඔබ අතුරින් කිසිවකු තම අවශ්යතා හෝ අපේක්ෂාව අවසන් කළ විට, තම පවුල වෙත ඉක්මණින් ගමන් කරත්වා යැයි ප්රකාශ කොට ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

