අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇඳ ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය
Choose an available translation of this Hadeeth
Hadeeth text
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර් තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇඳ ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය."
මුස්ලිම් තුමා සතු වාර් තාවක: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හාන්සි වූ කොට්ටය ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය."
Explanation
Benefits
මෙට්ට සහ කොට්ට භාවිතා කිරීමට, ඒවා මත නිදා ගැනීමට සහ සුවපහසුව පිණිස ඒවා මත හාන්සි වීමට අවසර ඇත.
මුස්ලිම්වරයෙකු තම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම තත්ත්වය සහ ජීවනෝපාය ගැන සැලකිලිමත් විය යුතුය. මන්ද එතුමාණන් උතුම් ආදර් ශමත් චරිතයක් වන අතර, එතුමාණන්ගේ ආදර් ශය අනුගමනය කරන ඕනෑම අයෙකු මඟ ලබනු ඇත. මෙලොව සහ මතුලොව සාර් ථක කර ගනු ඇත.
මතුලොව වෙනුවෙන් සූදානම් වීමට උනන්දු කරවීම. අල්ලාහ්ට අවනත වීම සඳහා උදව්වන ප්‍රමාණයක් මෙලොවෙහි මුඃමින්වරයකු රැස්කර ගැනීම ඔහුට ප්‍රමාණවත්ය. ඒ හැර තමන්ව වෙනතකට යොමු කරවන තරමට අධිකත්වය සෙවීමෙන් වැළකී සිටිය යුතුය. අල්ලාහ් එවන් අය අවමානයට පත් කරයි. "ඔබ මිණීවලවල් මුණ ගැහෙන තුරු අධික සම්පත් සෙවීම ඔබව වෙනතකට යොමු කර ඇත." (අත්-තකාසුර්: 1,2)
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

