අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දකුණත පිරිසිදු දෑ හා ආහාර අනුභව සඳහා විය. වමත එතුමා වැසිකිලි කැසිකිලි අවශ්යතා සඳහා හා ඒ හැර වෙනත් අපිරිසිදු දෑ සඳහා විය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දකුණත පිරිසිදු දෑ හා ආහාර අනුභව සඳහා විය. වමත එතුමා වැසිකිලි කැසිකිලි අවශ්යතා සඳහා හා ඒ හැර වෙනත් අපිරිසිදු දෑ සඳහා විය."
හෆ්සා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම දකුණත තම ආහාරය, තම පානය හා තම ඇඳුම් ඇඳීම සඳහා භාවිත කරන්නෙකු වූහ. එමෙන්ම තම වමත ඒ හැර වෙනත් දෑ සඳහා භාවිත කරන්නෙකු වූහ."
Explanation
'පිරිසිදු කිරීම' යන ඇයගේ ප්රකාශය වනාහි, පිරිසිදු කරන විට දකුණතින් ආරම්භ කිරීමයි. එනම්, වමත සේදීමට පෙර දකුණත සේදීමයි. වම් කකුල සේදීමට පෙර දකුණු කකුල සේදීමයි. කන් දෙක වනාහි එය එකම අවයවයක් ලෙස සැළකේ. හේතුව ඒ දෙක හිස නම් අවයවය තුළ ඇති බැවිනි. එහෙයින් ඒ දෙක එකවර ජලයෙන් පිරිමැදිය යුතු වේ. එසේ අත් දෙක එකවර භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී එක් අතක් පමණක් භාවිත කරමින් සොදන්නට වී නම් එවිට එම කාරණාව මුල් කර ගෙන දකුණු කන සේදීය යුතුය.
'එතුමාගේ වමත වැසිකිලි කැසිකිලි අවශ්යතා සපුරා ගැනීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා භාවිත විය' යන ප්රකාශය වනාහි, නජීස් දෑ ඉවත් කිරීම එය ජලයෙන් හෝ ගලින් පිරිසිදු කිරීම යන්නය.
'ඒ හැර වෙනත් අපවිත්ර දෑ' යනු සෙම කැට, හොටු හිස්හොරි වැනි දෑ ඉවත් කිරීමය. ගරු කටයුතුවලදී දකුණතින් ආරම්භ කිරීමේ වැදගත් කම හා ජලයෙන් හෝ ගලින් පිරිසිදු කිරීම වැනි අපවිත්ර දෑ ඉවත් කිරීමේදී වමතට ප්රමුඛත්වය දීම යන කරුණු සම්බන්ධයෙන් හෆ්සා -රළියල්ලාහු අන්හා- තුමිය වාර්තා කළ හදීසය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියගේ හදීසය තහවුරු කරන්නක් ලෙස පිහිටා ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

