افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65114[صحيح]
HadeethEnc · 1.24.0

ඇත්ත වශයෙන්ම, සර්ව බලධාරී, කීර්තිය හිමි අල්ලාහ් නිදන්නේ නැත. නිදා ගැනීමේ අවශ්‍යතාව ද ඔහුට නැත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වදන් පහක් සමග අප අතර නැගිට සිටියහ. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ: "ඇත්ත වශයෙන්ම, සර්ව බලධාරී, කීර්තිය හිමි අල්ලාහ් නිදන්නේ නැත. නිදා ගැනීමේ අවශ්‍යතාව ද ඔහුට නැත. හිමිවන කොටස ඔහු (ඇතැමුන්ට) පහත් කරයි; (ඇතැමුන්ට) උසස් කරයි. රාත්‍රියේ ක්‍රියාව දහවලේ ක්‍රියාවට පෙර ද දහවලේ ක්‍රියාව රාත්‍රියේ ක්‍රියාවට පෙර ද ඔහු වෙත ආරෝහණය කරනු ලැබේ. ඔහුගේ ආවරණය ආලෝකයයි. - තවත් වාර්තාවක් අනුව, ගින්නයි - ඔහු එය නිරාවරණය කළේ නම්, ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ බැල්ම කවර මැවීමක් වෙත ළඟා වන්නේ ද ඒ සියල්ල පුළුස්සා දමනු ඇත."
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සහගාමීන් අතර පරිපූර්ණ වාක්‍යය පහක් දේශනා කරන්නට නැගිට සිටියහ. ඒවා නම්: පළමුවැන්න: සර්ව බලධාරී, කීර්තිය හිමි අල්ලාහ් නිදන්නේ නැත යන වගයි. දෙවැන්න: ඔහුගේ පැවැත්ම තුළ නිදා ගැනීමේ අවශ්‍යතාව ද ඔහුට නැත. එය ඔහුගේ පරමාධිපත්‍යයේ සහ ජීවිතයේ පරිපූර්ණත්වය නිසා ය. තුන්වැන්න: සැබැවින්ම උත්තරීතර ඔහු තමා වෙත නැඟී සිටින ගැත්තන්ගේ ක්‍රියාවන් අතරින් කිරා මැන බලන දේට අනුව සහ පොළොවට බැස යන ඔවුන්ගේ සැපයුම්වලින් කිරා මැන බලන දේට අනුව තරාදිය උස් පහත් කරයි. එබැවින් සෑම ජීවියෙකුට සපයනු ලබන ඔහුගේ කොටස සහ පංගුව සුවිශුද්ධයාණන් වන ඔහු පහත් කර එය හිඟ කරයි. ඇතැම් විට එය ඉහළ නංවා එය පුළුල් කරයි. සිව්වැන්න: ගැත්තන් විසින් රාත්‍රියේ සිදු කරන ක්‍රියාවන්, ඉන් පසු පැමිණෙන දහවලට පෙර ඔහු වෙත ඉහළට ඔසවනු ලැබේ. එමෙන්ම දහවලේ සිදු කරන ඔවුන්ගේ ක්‍රියාවන්, ඉන් පසු පැමිණෙන රාත්‍රියේ ක්‍රියාවට පෙර ඉහළට ඔසවනු ලැබේ. ආරක්ෂක මලක්වරු රාත්‍රියේ සිදු කරන ක්‍රියාවන්, එය ගෙවී ගිය වහාම දහවල් ආරම්භයේ ඉහළට ගෙන යති. එමෙන්ම දහවලේ සිදු කරන ක්‍රියාවන්, එය ගෙවී ගිය වහාම රාත්‍රිය ආරම්භයේ ඉහළට ගෙන යති. පස්වැන්න: අල්ලාහ්ව දැකීමෙන් වළක්වාලන ඔහුගේ ආවරණය ආලෝකයයි. එසේ නැතහොත් ගින්නයි. ඔහු නිරාවරණය වූයේ නම් ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ මැවීම් අතරින් ඔහුගේ දෘෂ්ටියට ළඟා වන සියලු දෑ පුළුස්සා දමනු ඇත. ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ ආලෝකය, ඔහුගේ කීර්තිය හා ඔහුගේ මහිමයයි: ඔහුගේ දර්ශනය වළක්වන බාධකය වන වැස්ම ඉවත් කර, ඔහුගේ මැවීම් ඉදිරියේ ඔහු පෙනී සිටියහොත්, ඔහුගේ මුහුණේ දීප්තිය ඔහුගේ මැවීම් අතුරින් ඔහුගේ ඇසට හසුවන සෑම දෙයක්ම එනම් සියලුම මැවීම් දවාලනු ඇත. මන්ද උත්තරීතර සුවිශුද්ධයාණන් වන ඔහුගේ බැල්ම, සියලු ජීවීන් ආවරණය කරන්නක් වේ.
03

Benefits

සර්ව බලධාරි උත්තරීතර අල්ලාහ්ට නින්ද යන ගුණාංගය තිබිය නොහැකි බව පැහැදිලි කිරීම. මන්ද එය ඌනතාවයක් වන අතර ඔහු එයින් නිදහස් ය.
සර්ව බලධාරී අල්ලාහ් තමා කැමති ඕනෑම කෙනෙකුව උසස් කරයි. තමා කැමති ඕනෑම කෙනෙකුව අවමානයට පත් කරයි. එමෙන්ම තමා කැමති ඕනෑම කෙනෙකුට මඟ පෙන්වයි, ඔහුගේ වහලුන් අතුරින් ඔහු කැමති ඕනෑම කෙනෙකුව නොමඟ යන්නට සළස්වයි.
ක්‍රියාවන් සෑම දිනකම සහ සෑම රාත්‍රියකම අල්ලාහ් වෙතට ඉදිරිපත් කරනු ලැබේ. තවද ගැත්තන් හට ඔවුන්ගේ රාත්‍රී හා දහවල් කාලවලදී සර්ව බලධාරී අල්ලාහ් කෙරෙහි සිහියෙන් සිටීමට දිරිගැන්වීමක් මෙහි ඇත.
මෙම හදීසය සර්ව බලධාරී අල්ලාහ්ගේ යුක්තිය සහ ඔහුගේ මැවීම්වල කටයුතු හොඳින් කළමනාකරණය කිරීම පෙන්නුම් කරන අතර, මෙය ඔහුගේ උසස් පරිපූර්ණත්වයේ ගුණාංගවලින් එකක් බවට කිසිදු සැකයක් නැත.
උත්තරීතර සුවිශුද්ධයාණන් හට ආවරණයක් ඇති බව සහතික කිරීම. එය ඔහු අතර හා ඔහුගේ මැවීම් අතර ආවරණය කර ඇති ආලෝකයයි. එය නොවී නම් ඔවුන් පිළිස්සී යනු ඇත.
අල් ආජුරිය්යි තුමා මෙසේ පවසයි: සර්ව බලාධාරී අල්ලාහ් තමන් ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද එමෙන්ම ඔහුගේ දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහු ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද තවද එතුමාණන්ගේ අනුගාමිකයින් ඔහු ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද ඒ අයුරින්ම සත්‍යයේ ජනයා ද ඔහු ගැන ගුණගායනා කරති. අලුතින් ආගමික කටයුතු ආරම්භ නොකර, ඉන් වැළකී, නියම ස්වභාවය අනුගමනය කරන විද්වතුන්ගේ ආකල්පය මෙයයි. අහ්ලුස් සුන්නා වල් ජමාආත් නම් පිරිස අල්ලාහ් තමන් ගැන සහතික කළ නාම හා ගුණාංග කිසිදු වෙනස් කිරීමකින් හෝ අඩු වැඩි කිරීමකින් හෝ ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමෙන් හෝ උපමා කිරීමකින් තොරව ඒ අයුරින්ම ඔහුට ස්ථාපිත කරති. අල්ලාහ් තමන් ගැන නොකියූ දැයින් ඔවුහු ඉවත්ව සිටිති. ඔහු ගැන නොකියූ මෙන්ම සහතික නොකළ දෑ ගැන නිහඬව සිටිති. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "ඔහු මෙන් කිසිවක් නැත. ඔහු සර් ව ඥානීය සර් ව නිරීක්ෂකය."
උත්තරීතර, සර්ව බලධාරියාණන් විසින් විස්තර කරන ලද ආලෝකය, ඔහු ආවරණය කරන ලද ආලෝකයට සමාන නොවේ. ඔහු ආවරණය කරන ලද ආලෝකය යනු මැවූ ජීවියෙකුගේ ආලෝකයයි. සර්ව බලධාරි අල්ලාහ්ගේ ආලෝකය ඔහුට සහ ඔහුගේ සාරයට ගැලපෙන ආලෝකයකි. ඔහුට සමාන කිසිවක් නැත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණණ් දුටුවේ අල්ලාහ් සහ ඔහුගේ ගැත්තන් අතර ඇති වැස්ම පමණි.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...