අල්ලාහ් සතුව සියයට එකක් හැර, නාම අනූ නවයක් ඇත. එය වනපොත් කරන කිසිවෙකු ස්වර්ගයට පිවිසීම හැර වෙනත් කිසිවක් ඔහුට හිමි වන්නේ නැත. ඔහු කේවලය. ඔත්තේ දෑ ඔහු ප්රිය කරයි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරමින් මෙසේ පවසන ලදී. “අල්ලාහ් සතුව සියයට එකක් හැර, නාම අනූ නවයක් ඇත. එය වනපොත් කරන කිසිවෙකු ස්වර්ගයට පිවිසීම හැර වෙනත් කිසිවක් ඔහුට හිමි වන්නේ නැත. ඔහු කේවලය. ඔත්තේ දෑ ඔහු ප්රිය කරයි.”
Explanation
“ඔහු කේවලය” එනම් අල්ලාහ් ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නොමැත. “ඔහු ඔත්තේ දෑ ප්රිය කරයි.” එනම් නැමදුම් තුළ හා අවනතවීම් බොහෝමයක් තුළ ඔහු මහිමයට පත් කරනු ලබන බවයි. පස්වාරයක් සලාත් ඉටු කිරීමත් හත්වතාවක් තවාෆ් කිරීමත් බොහෝ නැමදුම්වල තුන්වරක් බවට පත් කර තිබීමත් අහස් හතක් බවට හා පොළෝ හතක් බවට නිර්මාණය කර තිබීමත් ඒ හැර වෙනත් ඔත්තේ කරුණු අල්ලාහ් නියම කර තිබීමත් ඒ හේතුවෙනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

