“අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දුනිමි. “අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. ආදම්ගේ දරුව! නුඹේ පාපකම් අහසේ වළාකුළු උසට ළඟා වුව ද පසුව නුඹ මගෙන් සමාව අයැද සිටින්නේ නම් මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. අහෝ ආදම්ගේ දරුව! මහපොළොව තරම් වැරදි සමග නුඹ මා වෙත පැමිණිය ද නුඹ මට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මා මුණ ගැසුණේ නම් එය පිරෙන තරම් සමාව මම නුඹට පිරිනමමි යැයි උත්තරීතර අල්ලාහ් පවසා ඇත."
Explanation
ආහෝ ආදම්ගේ පුතණුවනි! ඔබ මහපොළොව පිරෙන තරමට පාපකම් හා වැරදි කර, මට කිසිවක් ආදේශ නොකර මා පමණක් විශ්වාස කළ තත්ත්වයේ ඔබ මරණින් පසු ඔබ මා වෙත පැමිණියේ නම්, එම පාපකම් හා වැරදි සඳහා මහපොළොව පිරෙන්නට සමාව දානය කරමි. සැබැවින්ම මම සමාව දානය කිරීමෙහි අති මහත්ය. ෂිර්ක් හෙවත් මට ආදේශ තැබීමේ වරදට හැර සෙසු සියලු පාපකම්වලට මම සමාව දෙමි.
Benefits
ඒක දේව වාදයේ මහිමය. අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරන්නන් හට ඔවුන්ගේ පාපකම් හා වැරදි වලට ඔහු සමාව දෙන්නේය.
ෂිර්ක් හෙවත් දෙවියන්ට ආදේශ තැබීමේ බරපතලකම. සැබැවින්ම අල්ලාහ් තමන්ට යමක් ආදේශ කරන්නන් හට සමාව දෙන්නේ නැත.
ඉබ්නු රජබ් තුමා මෙසේ පවසයි: "පාපකම් සඳහා සමාව ලබන්නට හේතු සාධක තුනක් මෙම හදීසයේ ඇතුළත්ව ඇත. පළමුවැන්න: යහපත් බලාපොරොත්තුවෙන් යුතුව ප්‍රාර්ථනා කිරීම, දෙවැන්න: පාපක්ෂමවා අයැදීම හා පසුතැවිලි වීම. තුන්වැන්න: අල්ලාහ්ගේ ඒකීයභාවය විශ්වාස කළ තත්ත්වයේ මරණයට පත්වීම.
මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගෙන් දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..ඉලාහී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වන නමුත්, එය කියවීම නැමදුමක් බවට පත් කර ගැනීම, එය පිවිතුරු කිරීම, අභියෝගයක් ලෙස ඉදිරිපත් කිරීම, ප්‍රාතිහාර්යක් ලෙස ගෙනහැර පෑම හා වැනි සෙසු දැයින් වෙන්කර දක්වන අල් කුර්ආනයේ ලක්ෂණ එහි නැත.
පාපකම් වර්ග තුනකි. පළමුවැන්න: අල්ලාහ්ට ආදේශ තැබීමය. අල්ලාහ් මෙයට සමාව දෙන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සැබැවින්ම කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය" දෙවැන්න: තමන් හා තම පරාමාධිපති අතර පවතින පාපකම් හා වැරදි සිදු කිරීම තුළින් ගැත්තා තමන්ටම අපරාධ කර ගැනීම. අල්ලාහ් ඒ සඳහා ඔහුට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් එය ඉවත් කරනු ඇත. තුන්වැන්න: ඔහුගේ ගැත්තන් ඇතැමෙකු විසින් ඇතුමෙකුට හිංසා, අපරාධ කිරීම. එවිට කිසාස් හෙවත් සමප්‍රතිචාර දැක්විය යුතුය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

