තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත."
Explanation
Benefits
මෙම ප්‍රාර්ථනාව කවරෙකු ඉදිරියේ අවංක හා ධාර්මිකව පවසනු ලබන්නේ ද උත්තරීතර අල්ලාහ්ගේ අනුහසින් ඔහුට සුවය සහතික වන්නේය.
මෙම ප්‍රාර්ථනාව ප්‍රසිද්ධියේ හෝ රහසේ හෝ පැවසිය හැක. ඒ සෑම ක්‍රමයක්ම අනුමත වේ. නමුත් එය රෝගියාට සවන් දීමට සැළැස්වීමෙන් ඔහු තුළ සතුට ප්‍රවේශ වන බැවින් එසේ සවන් දීමට සැළැස්වීම වඩාත් යෝග්‍ය ය උතුම් ය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

