එවිට ඔහු: "بِسْمِ الله أرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِد، اللهُ يَشْفِيك، بِسمِ اللهِ أُرقِيك "බිස්මිල්ලාහි උර්කීක මින් කුල්ලි ෂෙය්ඉන් යුඃදීක මින් ෂර්රි කුල්ලි නෆ්සින් අව් අය්නි හාසිදින් අල්ලාහු යෂ්ෆීක බිස්මිල්ලාහි උර්කීක" (තේරුම: අල්ලාහ්ගේ නාමයෙන්, සෑම ආත්මයකම නපුරින් හා ඊර්ෂ්යා කරන්නාගේ ඇස්වහින් ඔබට උවදුරු ඇති කරන සියලු දැයින් මම ඔබට ආරක්ෂාව පතමි. අල්ලාහ්ගේ නාමයෙනි, මම ඔබට ආරක්ෂාව පතමි. යැයි පැවසූහ.)
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම ජිබ්රීල් තුමා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "අහෝ මුහම්මද්! ඔබ පැමිණිලි කර සිටියෙහි ද?" යැයි විමසීය. එවිට එතුමා "එසේය" යැයි පැවසූහ. එවිට ඔහු: "بِسْمِ الله أرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِد، اللهُ يَشْفِيك، بِسمِ اللهِ أُرقِيك "බිස්මිල්ලාහි උර්කීක මින් කුල්ලි ෂෙය්ඉන් යුඃදීක මින් ෂර්රි කුල්ලි නෆ්සින් අව් අය්නි හාසිදින් අල්ලාහු යෂ්ෆීක බිස්මිල්ලාහි උර්කීක" (තේරුම: අල්ලාහ්ගේ නාමයෙන්, සෑම ආත්මයකම නපුරින් හා ඊර්ෂ්යා කරන්නාගේ ඇස්වහින් ඔබට උවදුරු ඇති කරන සියලු දැයින් මම ඔබට ආරක්ෂාව පතමි. අල්ලාහ්ගේ නාමයෙනි, මම ඔබට ආරක්ෂාව පතමි. යැයි පැවසූහ.)
Explanation
Benefits
පහත සඳහන් කොන්දේසි අනුව ආරක්ෂා කිරීමට අනුමැතිය ඇත. 1. එය කුර්ආනය, උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම හා ආගමානුගත ප්‍රාර්ථනාවලින් විය යුතුය. 2. එය අරාබි බසින් විය යුතුය. එසේ නැතහොත් තමන්ට තේරෙන වෙනත් භාෂාවකින් විය යුතුය. 3- ආරක්ෂා කිරීමෙන් පමණක් බලපෑම් ඇති නොවන බව විශ්වාස කළ යුතුය. සැබැවින්ම එය හේතු සාධකයක් පමණක් වන අතර සර්වබලධාරී අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව ඒ සඳහා බලපෑමක් කිරීමට කිසිදු හැකියාවක් නැත. 4- ෂිර්ක් හෙවත් දේව ආදේශය, තහනම් දෑ, නවෝත්පාදන දෑ හෝ ඒ වෙත මඟ පාදන දැයින් ඉවත් විය යුතුය.
ඇස්වහ බලපාන බවත් එය සැබෑවක් බවත් සහතික කිරීම. එබැවින් ඉන් ආරක්ෂාව පැතිය යුතුය.
හදීසයේ සඳහන් දෑ අනුව ආරක්ෂාව පැතීම සතුටුදායකය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ද සෙසු මිනිසුන් මෙනි. අන් අය විඳින රෝග එතුමාණන් ද වින්දේය.
අල්ලාහ් තම නබිවරයාණන් වෙත දැක්වූ අවධානය, ඔහු එතුමාණන්ව ආරක්ෂා කිරීම, එතුමාණන් වෙත ඒ සම්බන්ධයෙන්වූ ඔහුගේ මලක්වරයකු පැවරීම.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

