افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3396[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

මම සඊද් ඉබ්නු ජුබෙයිර් සමග සිටියෙමි. එවිට ඔහු: “පෙර දින කඩා වැටුණු තරුව ඔබ අතරින් දුටුවේ කවුරුන්දැ?යි විමසුවේය. එවිට මම: ‘මම’ යැයි පැවසුවෙමි. පසුව මම: ‘සැබැවින්ම මම සලාතයේ නොසිටියෙම් ද? එනමුත් මම දෂ්ඨ කරනු ලැබුවෙමි.” යැයි පැවසුවෙමි.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

හුසෙයින් ඉබ්නු අබ්දුර් රහ්මාන් තුමා විසින් වාර්තා කරන ලදී. මම සඊද් ඉබ්නු ජුබෙයිර් සමග සිටියෙමි. එවිට ඔහු: “පෙර දින කඩා වැටුණු තරුව ඔබ අතරින් දුටුවේ කවුරුන්දැ?යි විමසුවේය. එවිට මම: ‘මම’ යැයි පැවසුවෙමි. පසුව මම: ‘සැබැවින්ම මම සලාතයේ නොසිටියෙම් ද? එනමුත් මම දෂ්ඨ කරනු ලැබුවෙමි.” යැයි පැවසුවෙමි. ඔහු ‘එසේ නම් ඔබ කුමක් කළෙහිද?’ යැයි විමසීය. ‘මම ආරක්ෂාව පැතුවෙමි’ යැයි පැවසුවෙමි. ඔහු: ‘ඒ සඳහා ඔබට තුඩු දුන්නේ කමක් ද?’ යැයි විමසීය. මම: ‘අෂ්-ෂුඃබී තුමා අපට දන්වා සිටි හදීසයකි’ යැයි පැවසුවෙමි. ඔහු: ‘ඔහු නුඹලාට කුමක් පැවසුවේද?’ යැයි විමසීය. මම: ‘බුරෙයිදා ඉබ්නු හුසෙයිබ් තුමා විසින් වාර්තා කළ හදීසක් අප වෙත දන්වා සිටියේය. සැබැවින්ම හෙතෙම: ‘ඇස්වහ හෝ (ගෝනුස්සෙකු වැනි සතකු කරන) දෂ්ඨ කිරීමෙන් මිස ආරක්ෂාවක් නැත’ යැයි පැවසීය. ඔහු: ‘ඔහු සවන් දුන් දෑ අවසානය දක්වාම හොඳින් කර ඇත. නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයක් ඉබ්නු අබ්බාස් තුමා ද අපට මෙසේ දන්වා සිටියේය.
“මා වෙත සමූහයන් ඉදිරිපත් කරනු ලැබීය.” එවිට නබි තුමාණන් සමග කණ්ඩායමක් ද, නබි තුමාණන් සමග පුද්ගලයකු හෝ දෙදෙනකු ද, නබි තුමාණන් සමග කිසිවකු නොමැතිව මම එතුමාණන්ව දුටුවෙමි. මහත් ජනකායක් මා වෙනුවෙන් ඔසවනු ලැබූ විට සැබැවින්ම ඔවුන් මාගේ සමූහයා වෙතැයි සිතුවෙමි. නමුත් මට මෙසේ පවසනු ලැබීය. “මේ මූසා හා ඔහුගේ සමූහයාය.” පසුව මම අධීක්ෂණයෙන් බැලුවෙමි. තවත් අතිමහත් ජනකායක් විය. එවිට ‘මෙය ඔබේ සමූහයා වෙතැ’යි පවසනු ලැබීය. ඔවුන් සමග හැත්තෑ දහසක් දෙනා සිටියහ. කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ඔවුහු ස්වර්ගයට පිවිසෙති. පසුව මම නැගිට ඔහුගේ වාසස්ථානයට පිවිසුණේය. එවිට ජනයා ද ඔවුන් අතරට පිවිසුණෝය. එවිට ඔවුන්ගෙන් ඇතැමෙක්: ‘ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් සමග මිත්රවූවන් වන්නට පුළුවණැ’යි පැවසීය. තවත් ඇතැමුන් ‘ඔවුන් ඉස්ලාමය තුළ ඉපද අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකළ; කරුණු මෙනෙහි කළවුන් වන්නට පුළුවනැ’යි පැවසීය. පසුව ඔවුන් අතරට අල්ලාහ්ගේ දූතයාණන් පැමිණියේය. පසුව ඔවුහු එතුමාට ඒ ගැන දන්වා සිටියෝය. එවිට එතුමා: “ඔවුන් වනාහි, (අල්ලාහ් හැර කිසිවකුගෙන්) ආරක්ෂාව නොපතන උදව් නොපතන අසුභවාදය නොසලකන; ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරන උදවිය වෙති.” යැයි පැවසූහ. එවිට උකාෂා ඉබ්නු මිහ්සන් නැගී සිට: ‘ඔවුන් අතරට මාද පත් කරන මෙන් ඔබ අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන්න’ යැයි පැවසීය. එතුමා: ‘ඔබද ඔවුන් අතරින් කෙනෙකි’ යැයි පැවසීය. පසුව තවත් මිනිසකු නැගී සිට මා ද ඔවුන් අතරට පත් කරන මෙන් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන මෙන් පැවසීය. පසුව එතුමා “උකාෂා ඒ සඳහා පෙරටු විය” යැයි පැවසූහ.
02

Explanation

හුසෙයින් ඉබ්නු අබ්දුර් රහ්මාන් -රහිමහුල්ලාහ්- තුමා විසින් එතුමා අතර හා සඊද් ඉබ්නු ජුබෙයිර් -රහිමහුල්ලාහ්- අතර ආරක්ෂාව පැතීම හා සම්බන්ධව සිදු වූ දෙබසක් ගැන මෙසේ අපට දන්වා සිටියේය. එනම් සැබැවින්ම ගෝනුස්සෙක් හුසෙයින් තුමාව දෂ්ට කළේය. ආගමානුගත ආරක්ෂාවන් තුළින් එයින් ආරක්ෂාව පැතූහ. ඒ සඳහා වූ සාධක ගැන සඊද් තුමාගෙන් විමසා සිටි කල්හි ඇස්වහ සහ විෂවලින් ආරක්ෂාව පැතීමට අනුමත කෙරුණු අෂ්-ෂුඋබි තුමාගේ හදීසය ඔහුට දන්වා සිටියේය. එවිට සඊද් ඒ සඳහා ප්රශංසා කරන්නට විය. කෙසේ වෙතත් ආරක්ෂාව පැතීම අත්හැරීමට අනුග්රහය දක්වන හදීසයක් පසුව ඔහුට දන්වා සිටියේය. එය කිසිදු විනිශ්චයකින් තොරව කිසිදු දඬුවමකින් තොරව ස්වර්ගය උරුම කර දෙන බවට වර්ණනා කළ ගුණාංග හතරක් ඇතුළත් ඉබ්නු අබ්බාස් තුමාගේ හදීසයයි. එනම්, (අල්ලාහ් හැර වෙනත් අයගෙන්) ආරක්ෂාව පැතීමෙන් තොර වීම, උදව් පැතීමෙන් තොර වීම, සුභවාදය ගැන සැලකිලිමත් වීමෙන් තොර වීම හා අල්ලාහ් මත තබන ස්ථාවරත්වයේ සත්යයභාවය යන ගුණාංග හතරය. උකාෂා තුමා තමන්ද ඔවුන් අතරින් කෙනෙකු වීමට ප්රාර්ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ඉල්ලා සිටි විට, සැබැවින්ම ඔහු ඔවුන් සමග වූ කෙනෙකු බව එතුමා ඔහුට දන්වා සිටියේය. තවත් පුද්ගලයකු ඒ අරමුණ සඳහාම එසේ නැගී සිටි කල්හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා උක්ත කරුණ ඉන් අවසන් කිරීමට හා ඒ අනුපිළිවෙල විසන්ධි කිරීමට ඔහු සඳහා ප්රාර්ථනා නොකර ඔහු සමග කාරුණිකව කටයුතු කළහ.

Attribution

[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...