افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3345[صحيح]
HadeethEnc · 1.24.0

“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකු ගෙන එනු ලැබ, නිරා ගින්නට හෙළනු ලැබේ. ඔහුගේ බඩවැල් වැගිරෙයි. තෙල් හිඳින සෙක්කුව වටා බූරුවෙක් යන්නාක් මෙන් ඒවා සමග ඔහු එය වටා ගමන් කරයි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එතුමාගෙන් මෙසේ විමසනු ලැබීය. "ඔබ උස්මාන් වෙත ගොස් ඔහු සමග කතා කළ යුතු නොවේ ද?" එවිට ඔහු, "මම නුඹලාට ඇසෙන්නට සැළැස්වීමෙන් තොරව ඔහු සමග මා කතා කරනු නුඹලා දැක තිබේ ද? අල්ලාහ් මත දිවුරා පවසමි. මා අතර හා ඔහු අතර ඇති දෑ සම්බන්ධයෙන් මම ඔහු සමග කතා කර ඇත්තෙමි. මා ආරම්භ කිරීමෙන් තොරව යම් කරුණක් වී නම්, එය මා පළමු ව ආරම්භ කරන්නෙකු වීමට මම ප්‍රිය නොකරමි. මා ‌පාලනය කරන කිසිවකුට මම කිසිවක් නො පවසමි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට මම සවන් දුන් පසුව සැබැවින්ම ඔහු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෙකු ‌වන්නේය."යැයි පැවසුවේය. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකු ගෙන එනු ලැබ, නිරා ගින්නට හෙළනු ලැබේ. ඔහුගේ බඩවැල් වැගිරෙයි. තෙල් හිඳින සෙක්කුව වටා බූරුවෙක් යන්නාක් මෙන් ඒවා සමග ඔහු එය වටා ගමන් කරයි. පසුව ඔහු වෙත නිරාවාසීහු එක්රැස් වී මෙසේ විමසති. ‘අහෝ පුද්ගලය! ඔබට කුමක් සිදුවීද? ඔබ යහපත විධානය කරමින් හා අයහපත වළක්වමින් සිටියා නොවේද?' එවිට ඔහු, "එසේය, මම යහපත නියෝග කරමින් සිටියෙමි. නමුත් මම එය ක්‍රියාවට ගෙන ආවේ නැත. එමෙන්ම මම අයහපත වළක්වමින් සිටියෙමි. නමුත් මම එය සිදු කළෙමි." යැයි කියයි.
02

Explanation

උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) තුමාට මෙසේ පවසන ලදී. "ඔබ උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා වෙත ‌ගොස් මිනිසුන් අතර සිදුව ඇති අර්බූද ගැන ඔහු සමග කතා කර ඒවා සම්පූර්ණයෙන්ම නිවා දමන්නට උත්සාහ කළ යුතු නොවේ ද?" එවිට හෙතෙම ඔවුනට දන්වා සිටියේ තමන් යහපත උදෙසා ඔහු සමග රහසින් කතා කරන අතර අර්බූද ඇති කරනු පිණිස ද්‍රෝහී ලෙස කතා නො කරන බවයි. එමෙන්ම ප්‍රධානීන් අතර නායනකයා ප්‍රසිද්ධියේ හෙළා දැකීම තමන් ප්‍රිය නොකරන බවත් එවිට එය පාලකයාට අපහාසයක් වන බවත් එය අර්බූදයේ හා හානියේ දොරටුව විය හැකි බවත් එය ආරම්භ කළ අය අතරින් පළමු වැන්නා තමන් විය යුතු නොවන බවත් පවසා, ඒ සඳහා වන හේතු පෙන්වා සිටියේය.

පසු ව උසාමා (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසා සිටියේය: සැබැවින්ම තමන් රහසින් නායකයින් හට උපදෙස් දෙන බවත්, ඔහු නායකයකු වුව ද කිසිවකුට අපහාස නොකරන බවත්, ව්‍යාජ ලෙස ඔවුන්ගේ මුහුණට ප්‍රශංසා කරමින් ඔවුන් සමච්චලට නොගන්නා බවත් දන්වා සිටියේය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් සවන් දුන් කරුණකට පසුව ය. එනම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී මිනිසෙකු ගෙනැවිත් අපා ගින්නට හෙළනු ලබයි. උෂ්ණයේ තීව්‍රතාවය සහ දඬුවමේ තීව්‍රතාවය හේතුවෙන් ඔහුගේ බඩ පිපිරී බඩවැල් මතු වෙයි. එම තත්ත්වයේ ඔහුගේ බඩවැල් සහිතව ඇඹරුම් ගල වටා යන බූරුවකු මෙන් ගින්නෙහි කැරකෙනු ඇත. නිරා වාසීහු ඔහු වටා වළල්ලක ස්වරූපයෙන් එක්රැස් වී ඔහුගෙන් මෙසේ විමසති: "අහෝ මිනිස! ඔබ යහපත විධානය කරමින් අයහපත වළක්වමින් සිටියා නොවේ ද?"

එවිට ඔහු: "ඇත්තෙන්ම මම යහපත විධානය කරමින් සිටිය ද එය මම ඉටු නොකළෙමි. අයහපතින් වළක්වා සිටිය ද මම එය සිදු කළෙමි." යැයි පවසයි.
03

Benefits

කටයුතු භාර අයට උපදෙස් දීමේ ප්‍රධාන මූලධර්මය නම්, එය ඔවුන් අතර සහ ඔහු අතර පමණක් විය යුතුය. තවද සාමාන්‍ය ජනතාව අතර එය කතා නොකිරීමය.
තම ප්‍රකාශයට පටහැනිව ක්‍රියා කරන අය සඳහා වන දැඩි අවවාදය.
ප්‍රධානීන් සමග විනයානුකූලව කටයුතු කිරීම හා ඔවුන් සමග මෘදු ලෙස කටයුතු කිරීම. එමෙන්ම ඔවුනට යහපත විධානය කිරීම හා අයහපතින් ඔවුන්ව වැළැක්වීම.
සත්‍යය සඟහා අසත්‍යය ලෙස පාලකයෙකු ඉදිරියෙහි හැසිරීම අවිනීත බව මෙම හදීෂය හඟවයි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...