ස්වර්ගය හා නිරය තර්ක කර ගනිති. එවිට නිරය: මා තුළ දඩබ්බරයින් හා අහංකාරයින් වෙති. යැයි පවසයි. තවද ස්වර්ගය: මා තුළ ජනයා අතර වූ දුර්වලයින් හා ඔවුන් අතර වූ දුගියන් වෙති යැයි පවසයි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මර්ෆූඃ ගණයට අයත් හදීසයකි ස්වර්ගය හා නිරය තර්ක කර ගනිති. එවිට නිරය: මා තුළ දඩබ්බරයින් හා අහංකාරයින් වෙති. යැයි පවසයි. තවද ස්වර්ගය: මා තුළ ජනයා අතර වූ දුර්වලයින් හා ඔවුන් අතර වූ දුගියන් වෙති යැයි පවසයි. පසුව අල්ලාහ් ඔවුන් අතර මෙසේ තීන්දු කරයි: නියත වශයෙන්ම ඔබ ස්වර්ගයයි. මාගේ දයාවයි. මම අභිමත කරන අයට ඔබ තුළින් කරුණාව පෙන්වමි. තවද නියත වශයෙන්ම ඔබ මාගේ දඬුවමයි. මම අභිමත කරන අයට ඔබ තුළින් මම දඬුවම් කරමි. ඔබ දෙදෙනාගේ ප්රමාණයට අනුව මා වෙත ඒවායෙහි පිරවුම් ඇත.
Explanation
දඩබ්බරයින් යනු උද්දච්චකමින් සිටියවුන්ය. ඔවුහු නිරයේ වැසියෝ වෙති. අල්ලාහ් අප එයින් ආරක්ෂා කරත්වා! ඇතැම් විට නිරා වැසියා, ජනයා සමග මෘදු ලෙස කටයුතු කරමින් යහ ගතිගුණ පිළිපැද්ද ද සත්ය හා සම්බන්ධ කොට බැලූ විට සත්යය පිළිගැනීමට උඬගු වෙති. ජනයා කෙරෙහි දක්වන ඔහුගේ මෘදු බව හා මෛත්රිය ඔහුට කිසිදු ප්රයෝජනයක් ලබා දෙන්නේ නැත.
ස්වර්ගය වනාහි, ජනයා අතර වූ දුර්වලයින් හා දිළින්දන් තමන් තුළ ඇති බව පවසා සිටියි. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්යය සමග මෘදු ලෙස කටයුතු කරමින් එයට යටත් වී කටයුතු කරන්නෝ වෙති. නමුත් අහංකාරයෙන් හා උද්දච්චකමින් පෙළෙන්නන් වනාහි ඔහු බොහෝ විට සත්යයට අවනත නොවෙයි. එවිට අල්ලාහ් ඒ දෙක අතර තීන්දු කරයි. නියත වශයෙන්ම ස්වර්ගය ඔබ වනාහි මාගේ කරුණාවයි. මා කැමති අයට ඔබ තුළින් කරුණාව දක්වමි යැයි ස්වර්ගය දෙස බලා අල්ලාහ් පවසයි. නියත වශයෙන්ම නිරය ඔබ වනාහි, මාගේ දඬුවමයි. මා කැමති අයට ඔබ තුළින් දඬුවම් කරමි යැයි නිරය දෙස බලා අල්ලාහ් පවසයි.
පසුව අල්ලාහ්: ඔබ දෙදෙනා පිරෙන්නට තරම් පිරවුම් මා වෙත ඇතැයි පවසයි. ස්වර්ගය පිරවීමේ හා නිරය පිරවීමේ වගකීම අල්ලාහ් තමන් කෙරෙහි පවරා ගත්තේය. අල්ලාහ්ගේ භාග්යය හා කරුණාව වනාහි ඔහුගේ කෝපයට වඩා විශාලය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට හෙළනු ලබන්නන් හෙළන විට එය මෙසේ කතා කරයි: අමතරව තවත් අය සිටීද ඉන් අදහස් කරනුයේ මට ඔවුන් දෙන්න මට ඔවුන් දෙන්න තවත් ඔවුන් වැඩි කරන්න යන්නයි. එවිට අල්ලාහ් ඒ වෙත තම කකුල දමයි. තවත් වාර්තාවක පාදය යනුවෙන් සඳහන්ව ඇත. අල්ලාහ් තම පාදය එ් මත තැබීමේ බලපෑමක් ලෙස එහි වූ ඇතැම් දෑ ඇතැම් දෑ සමග සම්බන්ධ වෙයි. ඒ එකිනෙක එකතු වෙයි. පසුව එය ඇති ඇති එනම් ප්රමාණවත් ප්රමාණවත් යැයි පවසයි. මෙයයි එහි පිරවුම වනුයේ.
ස්වර්ගය වනාහි, නියත වශයෙන්ම ස්වර්ගය විශාලය. එහි පලළ අහස් හා මහපොළොව තරම්ය එහි වැසියෝ එයට පිවිසෙති. එහි ඔවුහු රැඳී සිටිති. එහි වැසියන්ට ඊටත් වඩා අමතර දෑ එහි ඇත. පසුව එ් සඳහා අල්ලාහ් පිරිසක් බිහි කොට ඔහුගේ භාග්යය හා කරුණාව තුළින් ඔවුන් ස්වර්ගයට ඇතුළත් කරයි. හේතුව අල්ලාහ් එය පිරවීමේ භාරකත්වය තමන් පවරා ගත් බැවිනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

