ඔබේ ශරීරයේ වේදනාව දැනෙන තැන ඔබේ අත තබා "බිස්මිල්ලාහ්" යනුවෙන් තුන් වරක් පවසන්න. පසුව أَعُوذُ بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ (මට වැළඳී ඇති දැයින් ද මා පත්ව ඇති විපත්තියෙන්ද අල්ලාහ්ගේ බලය තුළින් මා ආරක්ෂාව ඔහුගෙන් පතමි.) යැයි සත් වරක් පවසන්න
Choose an available translation of this Hadeeth
Hadeeth text
උස්මාන් ඉබ්නු අබිල් ආස් -රළියල්ලාහු අන්හු- තුමා ඉස්ලාමය වැළඳගත් දා පටන් තම ශරීරයේ ඇති වූ වේදනාවක් ගැන අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණිලි කර සිටියේ ය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු දෙස බලා මෙසේ පැවසුහ: "ඔබේ ශරීරයේ වේදනාව දැනෙන තැන ඔබේ අත තබා "බිස්මිල්ලාහ්" යනුවෙන් තුන් වරක් පවසන්න. පසුව
أَعُوذُ بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ
(මට වැළඳී ඇති දැයින් ද මා පත්ව ඇති විපත්තියෙන්ද අල්ලාහ්ගේ බලය තුළින් මා ආරක්ෂාව ඔහුගෙන් පතමි.) යැයි සත් වරක් පවසන්න."
Explanation
وَأُحَاذِرُ (ඉදිරියේ දී එමගින් දුක හා බිය හට ගැනීම හෝ රෝගය දිගටම තිබී ශරීරය පුරාවට එම වේදනාව පැතිරී යෑම ගැන ද මම බියවෙමි යන්න මෙහි අදහස වේ.
Benefits
මැලිකමින් හෝ විරෝධයෙන් තොරව වූ යමක් පිළිබඳ පැමිණිලි කිරීම, ඉවසීම හා දෙවියන් මත තබන විශ්වාසයට පටහැනි නො වන්නේය.
ප්‍රාර්ථනාවේ නියැලීම හේතු සාධක මත යැපීමේ එක් මාධ්‍යයක් වන අතර, එබැවින් එහි වදන් සහ ප්‍රමාණ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
මෙම ප්‍රාර්ථනාව ශාරීරික වශයෙන් හට ගන්නා සෑම වේදනාවකටම අදාළ වේ.
මෙම ප්‍රාර්ථනාව පවසා ආරක්ෂාව පතන අවස්ථාවේ වේදනා සහගත ස්ථානය මත අත තැබීම.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

