අද්හිබිල් බඃස රබ්බන් නාසි, වෂ්ෆි අන්තෂ්-ෂාෆී, ලා ෂිෆාඅ ඉල්ලා ෂිෆාඋක, ෂිෆාඅ ලා යුගාදිරු සකමා" (අහෝ මිනිසුන්ගේ පරමාධිපතියාණනි! දුෂ්කරත්වය ඉවත් කරනු මැනව ! සුවය දෙනු මැනව ! සුවය දෙන්නා ඔබය. ඔබේ සුවයෙන් තොරව කිසිදු සුවයක් නැත. එය රෝගීභාවය අත්හැර නො දමන සුවයකි.)
Choose an available translation of this Hadeeth
Hadeeth text
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) රෝගියකුගේ සුවදුක් විමසීමට පැමිණි විට, එතුමාණෝ ඔහුට මෙසේ ප්‍රාර්ථනා කරන්නට වූහ:
أَذْهِبِ الْبَاسَ، رَبَّ النَّاسِ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا
"අද්හිබිල් බඃස රබ්බන් නාසි, වෂ්ෆි අන්තෂ්-ෂාෆී, ලා ෂිෆාඅ ඉල්ලා ෂිෆාඋක, ෂිෆාඅ ලා යුගාදිරු සකමා"
(අහෝ මිනිසුන්ගේ පරමාධිපතියාණනි! දුෂ්කරත්වය ඉවත් කරනු මැනව ! සුවය දෙනු මැනව ! සුවය දෙන්නා ඔබය. ඔබේ සුවයෙන් තොරව කිසිදු සුවයක් නැත. එය රෝගීභාවය අත්හැර නො දමන සුවයකි.)
Explanation
Benefits
රෝගියාගේ සුවදුක් විමසීම මුස්ලිම්වරුන්ගේ වගකීම් අතරින් එකකි. එය පවුල හා සළකන විට වඩාත් වැදගත් වන්නේය.
රෝගියා බැහැ දැක සුවදුක් විමසන්නට යන පුද්ගලාය වෙත සමෘද්ධිමත් මෙම අනුවාදය යොදා ගනිමින් ප්‍රාර්ථනා කරන්නට ආශාව ඇති කිරීම.
අල් කුර්ආන් පාඨ හා සුවය ඉල්ලා සිටින ප්‍රාර්ථනා තුළින් ආරක්ෂාව පතා ප්‍රතිකාර කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟපෙන්වීම් අතරින් එකකි. එතුමාණන් රෝගී භාවයට පත් වූ විට තමන් වෙනුවෙන් මෙසේ ප්‍රාර්ථනා කර ප්‍රතිකාර කරගෙන ඇත. එමෙන්ම තම පවුලෙන් කෙනෙකු හෝ වෙනත් කෙනෙකු හෝ රෝගීභාවය ගැන පැමිණිලි කළ විට එතුමාණෝ ඔවුන් සමග ද මෙලෙස කටයුතු කර ඇත්තාහ.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "හදීස්වල සඳහන්ව ඇති පරිදි රෝගියා රෝගී තත්ත්වයේ සිටිය දී ඔහුගේ පව්වලට එය ප්‍රතිකර්මයක් වීම හා ඔහුට කුසල් හිමිවීම තිබිය දී රෝගියාට සුවය පතා ප්‍රාර්ථනා කිරීම ගැටලු සහගත වී ඇත යන්නයි. පිළිතුර නම්: සැබැවින්ම ප්‍රාර්ථනා කිරීම නැමදුමකි. එය කුසල් හිමි කර දීම හා එය ප්‍රතිකර්මයක් වීම අහෝසි කරන්නේ නැත. සැබැවින්ම ඒ දෙක රෝගී භාවයේ ආරම්භයේ හා ඒ කෙරෙහි ඉවසා දරා ගැනීමත් සමග ඇති වන්නේය. ප්‍රාර්ථනා කරන්නා කුසල් දෙකක් අතර සිටියි. එකක් නම්, ඔහු බලාපොරොත්තු වන දේ ඔහුට හිමිවීමය. එසේ නැතහොත් ඒ වෙනුවෙට යම් ප්‍රයෝජනයක් ගෙන දීම හෝ අයහපතකින් වළක්වාලීමය. මේ සියල්ල උත්තරීතර අල්ලාහ්ගේ භාග්‍යය වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

