නැමදුම් කරන්නාට වඩා විද්වතා ශ්‍රේෂ්ඨය. එය මට පහළින් සිටින ඔබට වඩා මාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනි
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ උමාමා අල්-බාහිලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසුන් දෙදෙනෙකු පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මෙනෙහි කරන ලදී: එක් අයකු නැමදුම කරන්නෙකි අනෙක් අය විද්වතෙකි:" නැමදුම් කරන්නාට වඩා විද්වතා ශ්‍රේෂ්ඨය. එය මට පහළින් සිටින ඔබට වඩා මාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම අල්ලාහ්, ඔහු මලක්වරු, අහස්හි හා පොළෝතලයන්හි සිටින්නන් එය කෙතරම් ද යත් ගුලක සිටින කුහුඹුවා (ජලයේ සිටින) මත්සයා පවා මිනිසුනට යහපත කියාගෙන ගරුවරයාට ප්‍රාර්ථනා කරති."
Explanation
එතුමාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පවසා සිටියහ: තමන්ට අවශ්‍ය දැනුම දැනගෙන නැමදුම්වල නිරතවන නැමදුම්කරුවකුට වඩා ෂරීආ හෙවත් ආගමික දැනුම ලබා ඒ අනුව ක්‍රියා කරමින් එය අන් අයට උගන්වන විද්වතා සතු මහිමය. එය පහළ සිටින සහාබාවරුන්ට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු මහිමය මෙනි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඒ සඳහා වන හේතුව ද පැහැදිළි කළහ: එනම් සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් ද, දේව රාජ්‍යය ඔසවා සිටින මලක්වරුන් ද ඔහුගේ සෙසු මලක්වරුන් ද අහස්හි හා පොළෝතලයන්හි සිටින මිනිසුන්, ජින්නුන් හා සතුන් ද එය කෙතරම් ද ගොඩබිමේ හා මුහුදේ වෙසෙන සතුන් ඇතුළත් වන පරිදි ගුහාවක සිටින කුහුබුවා හෝ (ජලයේ සිටින) මත්සයා හෝ වේවා ඔවුන් ද, යනාදී මේ සියලු දෙනා මිනිසුන්ගේ ගැලවුම හා ජයග්‍රහණය වෙත මග පෙන්වන ආගමික දැනුම උගන්වන ගුරුවරයාට ප්‍රාර්ථනා කරනු ඇත.
Benefits
දැනුම උගන්වා, ඒ අනුව ක්‍රියා කරමින්, ඒ වෙත ඇරයුම් කරමින් එහි වගකීම ඉටු කරන විද්වතුන්ගේ ඉමහත් මහිමය.
විද්වතුන්හට හා දැනුම සොයා යන දනන් හට ගරු කිරීමට හා ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමට දිරි ගැන්වීම.
මිනිසුනට යහපත කියා දීම සඳහා උනන්දු කිරීම. මක්නිසාදයත් එය ඔවුන්ගේ ජයග්‍රහණයට හා ඔවුන්ගේ සතුටට හේතුවක් වන බැවිනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

