තිදෙනෙකු ස්වර්ගයට නොපිවිසෙති. මත්පැන් සදහටම පානය කරන්නා, ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා හා හූනියම සනාථ කරන්නා.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “තිදෙනෙකු ස්වර්ගයට නොපිවිසෙති. මත්පැන් සදහටම පානය කරන්නා, ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා හා හූනියම තහවුරු කරන්නා.”
Explanation
ඒ අතරින් පළමුවැන්න: මත් පානයෙහි අඛණ්ඩව නිරත වීමය. එය බුද්ධිය පහ කරයි. මිනිස් පෞරුෂත්වය බිලි ගනී. මාන්යය කෙළසයි.
දෙවැන්න: ඥාති සම්බන්ධකම් බිද දැමීමය. එය පවුලේ සාමාජිකයින් අතර සතුරුකම හා බෙදීම් පෙළගස්වයි. තමන්ට වඩාත් ලෙන්ගතු තැනැත්තන්ගෙන් දුරස්ව හුදෙකලා ජීවිතයක් ගත කරන්නට මිනිසාව පත් කරන ක්රියාවකි.
තැන්වැන්න: හූනියම අනුමත කිරීමය. එය මන්තර ගුරුකම්, වංචාව, බොරුවෙන් මිනිසුන්ගේ මුදල් ගසා කෑම දිරිමත් කරනු ඇත. එමෙන්ම ගුප්ත දැනුම පිළිබඳ මන්ත්රකාරයෝ දන්වා සිටින දෑ විශ්වාස කරන තැනැත්තන් මෙහි තර්ජනයට ඇතුළත් වෙයි. මන්තර ගුරුකම්වලට බලපෑමක් ඇති බව විශ්වාස කරන තැනැත්තා වනාහි, ඔහු මෙම තර්ජනයට ඇතුළත් වන්නේ නැත. එය මන්ත්ර ගුරුකම් බලපෑමක් ඇති බවට කිසිදු සැකයක් නොමැති බැවිනි. එසේම, දැව රන් බවට පත් වන්නාක් මෙන් මන්ත්ර ගුරුකම් තදින්ම විශ්වාස කරන තැනැත්තා හදවතට බලපෑම් ඇති කරනු ඇතැයි විශ්වාස කරන්නා වනාහි, ඔහු මෙම තර්ජනයට ඇතුළත් වීම ගැන කිසිදු සැකයක් නැත. මක්නිසාද මෙය කළ හැක්කේ සර්වබලධාරී අල්ලාහ්ට පමණක් වන බැවිණි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

