රන් දීනාරයට වහල් වූ තැනැත්තා විනාශ විය. රිදී දිර්හමයට වහල් වූ තැනැත්තා විනාශ විය. ලොම් සහිත තුනී රෙදිවලට වහල් වූ තැනැත්තා විනාශ විය. ඔහුට දෙනු ලැබුවේ නම් තෘප්තියට පත් වෙයි. දෙනු නොලැබුවේ නම් උරණ වෙයි. ඔහු විනාශ විය. පාඩු වින්දේය. තවද කටුවක් ඇනුනු විට ඉය ඉවත් කරන්නට කිසිවෙකු ඔහු නොලබනු ඇත.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “රන් දීනාරයට වහල් වූ තැනැත්තා විනාශ විය. රිදී දිර්හමයට වහල් වූ තැනැත්තා විනාශ විය. ලොම් සහිත තුනී රෙදිවලට වහල් වූ තැනැත්තා විනාශ විය. ඔහුට දෙනු ලැබුවේ නම් තෘප්තියට පත් වෙයි. දෙනු නොලැබුවේ නම් උරණ වෙයි. ඔහු විනාශ විය. පාඩු ලැබීය. එමෙන්ම කටුවක් ඇනුනු විට ඉය ඉවත් කරන්නට කිසිවෙකු ඔහු නොලබනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම අශ්වයාගේ තෝන් ලනුව අල්ලාගෙන තම හිසකෙස් වියවුල් වී තම පාද දෙක ද දූවිලිවලින් තැවරුණු ගැත්තාට ස්වර්ගයම වේවා! ඔහු මුරකාරත්වයේ සිටියේ නම් ඔහු මුරකාරත්වයේම සිටියි. ඔහු ජලය සම්පාදනය කිරීමෙහි සිටියේ නම් ඔහු ජල සම්පාදනය කිරීමෙහිම සිටියි. ඔහු අවසර පැතුව ද ඔහුට අවසර දෙනු නොලැබේ. එමෙන්ම මැදිහත් වුව ද මැදිහත් වනු නොලැබේ.”
Explanation
තම ඉලක්කය අල්ලාහ්ගේ තෘප්තිය හා මතුලොව නිවහන කර ගත් අය ද ඔවුන් අතර වෙති. ඔහු කීර්තිය සොයන්නේ නැත. ප්රසිද්ධිය සොයන්නේ නැත. ඔහුගේ ක්රියාවෙන් ඔහු අපේක්ෂා කරනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමය. ජනයා අතර සිටින මෙම පිරිසේ තවත් සළකුණක් වනුයේ ඔහුගේ බාහිර ඔපයට වැදගත් කමක් නොදැක්වීමය. ඔහුව කවර තැනක තබා ඇත්තේ ද ඒ ගැන ඔහු තෘප්තිමත් වෙයි. ඔහු ජනයා අතර පහත් අයකු වෙයි. ප්රභූ හා නිල බලතල ඇති උදවියගෙන් දුරස් වෙයි. ඔහු ඔවුන්ගෙන් අවසර පැතුව ද ඔහුට අවසර දෙනු නොලැබේ. ඔවුන් ඉදිරියේ තමන් වෙනුවෙන් මැදිහත් වන මෙන් ඉල්ලුව ද ඔහු වෙනුවෙන් ඔවුහු මැදිහත් නොවේ. ඔහුගේ ගමනාන්තය ස්වර්ගයයි. ප්රතිඵල යහපත් විය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

