افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3703[صحيح]
HadeethEnc · 1.24.0

අහෝ හකීම්! නියත වශයෙන්ම මෙම වස්තූන් සාරවත් හා මිහිරිය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට යමක් පිරිනමන මෙන් ඉල්ලා සිටියෙමි. එතුමාණෝ මට දුන්හ. නැවතත් ඉල්ලා සිටියෙමි. එවිට ද දුන්හ. පසුව මා අමතා: අහෝ හකීම්! නියත වශයෙන්ම මෙම වස්තූන් සාරවත් හා මිහිරිය. නමුත් කවරෙකු එය ආශාවෙන් තොරව ලබාගන්නේද එයින් ඔහුට සමෘද්ධිය ඇති වේ. කවරෙක් එය කෑදර කමින් ලබා ගන්නේද එයින් ඔහුට සමෘධිය ඇති නොවේ. එවිට ඔහු ආහාර අනුභව කළ ද කුස නොපිරැණු කෙනෙකු මෙන් වන්නේය. ඉහළ තිබෙන අත පහළ තිබෙන අතට වඩා උසස් වේ" යැයි පැවසූහ. පසුව හකීම්, "මම මෙසේ පැවසුවෙමි. 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සත්‍යය සමග එවූ අය මත දිවුරා පවසමි. ඔබ තුමාගෙන් පසුව මම මෙලොවින් සමුගන්නා තුරු කිසිවෙකුගෙන් කිසිවෙක් නොඉල්ලමී' යැයි පැවසීය. පසු කාලීනව අබූබක්කර් (රළියල්ලාහු අන්හු) තුමා පොදු භාණ්ඩාගාරයෙන් හකීම් (රලියල්ලාහු අන්හු) තුමාට දීමනාවක් දීම සදහා කැදවූව ද ඔහු ඉන් කිසිවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු උමර් (රලියල්ලාහු අන්හු) තුමා ඔහුට යම් දීමනාවක් දෙන්නට ඇරයුම් කළේය. එවිට ද එය පිළිගන්නට හෙතෙම ප්‍රතික්ෂේප කළේය. එවිට එතුමා මෙසේ පවසා සිටියහ: 'අහෝ මුස්ලිම්වරුනි! සටන් නොකර ලබා ගත් මෙම වස්තූවේ අල්ලාහ් තීරණය කළ හකීම්ගේ කොටස මා ලබා දීමට ඉදිරිපත් වුණෙමී. එවිට ඔහු එය බාරගැනීමට ප්‍රතික්ෂේප කර ඇත. (මෙයට ඔබලා සාක්ෂි දරන්න) යැයි පැවසුවේය. හකීම් (රලියල්ලාහු අන්හු) තුමා නබි තුමාණන්ගෙන් පසුව තමන් මිය යන තෙක්ම අන් අයෙගන් කිසිවක් ලබා නොගත්තේය.
02

Explanation

මෙලොව වස්තුවෙන් යමක් තමන්ට පිරිනමන මෙන් හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉල්ලා සිටියේය. එතුමාණෝ ඔහුට දුන්හ. නැවතත් හෙතෙම ඉල්ලා සිටියේය. එවිට ද දුන්හ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු අමතා මෙසේ පැවසූහ: "අහෝ හකීම්! නියතවශයෙන්ම මෙම වස්තුව ආශාව හා කෑදර කම ඇති කරන්නකි. එහෙයින් කවරෙකු ඉල්ලීමකින් තොරව ඒ වෙත පැමිණ කෑදරකමෙන් හෝ බලකිරීමෙන් තොරව එය ලබා ගන්නේද එයින් ඔහුට සමෘද්ධිය ඇති වේ. කවරෙක් එය කෑදර කමින් හා තෘෂ්ණාවෙන් ලබා ගන්නේද එහි ඔහුට සමෘධිය ඇති නොවේ. එවිට ඔහු ආහාර අනුභව කළ ද කුස නොපිරැණු කෙනෙකු මෙන් වන්නේය. වියදම් කරන ඉහළ අත ඉල්ලා සිටින පහළ අතට වඩා අල්ලාහ් ඉදිරියේ උසස් වේ" යැයි පැවසූහ. පසුව හකීම් මෙසේ පවසා සිටියේය: මම මෙසේ පැවසුවෙමි. 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සත්‍යය සමග එවූ අය මත දිවුරා පවසමි. ඔබ තුමාගෙන් පසුව මම මෙලොවින් සමුගන්නා තුරු කිසිවෙකුගේ මුදල් හිඟ නො කරමි.' අල්ලාහ්ගේ දූතයාණන්ගේ නියෝජිතයා වූයේ අබූබක්කර් (රළියල්ලාහු අන්හු) තුමා ය. පොදු භාණ්ඩාගාරයෙන් හකීම් (රලියල්ලාහු අන්හු) තුමාට දීමනාවක් දීම සදහා කැදවූව ද ඔහු ඉන් කිසිවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු උමර් (රලියල්ලාහු අන්හු) තුමා ද ඔහුට යම් දීමනාවක් දෙන්නට ඇරයුම් කළේය. එවිට ද එය පිළිගන්නට හෙතෙම ප්‍රතික්ෂේප කළේය. එවිට උමර් තුමා මෙසේ පවසා සිටියහ: 'අහෝ මුස්ලිම්වරුනි! සටන් නොකර, අරගල නොකර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් මුස්ලිම්වරුන් යටතට පත් වූ මෙම වස්තුවෙන් අල්ලාහ් තීරණය කළ හකීම්ගේ කොටස මා ලබා දීමට ඉදිරිපත් වුණෙමි. නමුත් ඔහු එය බාරගැනීමට ප්‍රතික්ෂේප කර ඇත.' හකීම් (රලියල්ලාහු අන්හු) තුමා නබි තුමාණන්ගෙන් පසුව තමන් මිය යන තෙක්ම අන් අයෙගන් කිසිවක් ලබා නොගත්තේය.
03

Benefits

ආගමානුකූල මාර්ගවලින් මුදල් සෙවීම, එය එක් රැස් කිරීම, මෙලොවෙහි සරල ජීවිතය සමග ගැටෙන්නේ නැත. මක්නිසාද සරලකම යනු ආත්මයේ ත්‍යාගශීලීභාවය හා මුදල් හා හදවත බැඳී නො තිබෙන තත්ත්වයකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ත්‍යාගශීලිත්වයේ උතුම් බව පැහැදිලි කිරීම. එතුමාණෝ පරිත්‍යාග කළහ. නමුත් කිසිවිටෙක දිළිඳුකමට බිය වූයේ නැත.
උපදෙස් දීම, උපකාරයක් අවශ්‍ය වූ අවස්ථාවක සහෝදරයින්ට සෙත සැළසීමට උනන්දු වීම මක්නිසාද යත් ආත්මය යහපත් වචනවලින් ප්‍රයෝජන ගැනීමට සූදානම් ව පවතින බැවිනි.
විශේෂයෙන් අවශ්‍යතාවයක් නොමැති විට, මිනිසුන්ගෙන් මුදල් ඉල්ලා සිටීමෙන් වැළකී සිටීම සහ එය වළක්වා ගැනීම.
මුදලට කෑදරකම සහ ඕනෑවට වඩා ප්‍රශ්න ඇසීම මෙහි හෙළා දැක ඇත.
ඉල්ලා සිටින්නා ඉල්ලා සිටීම බල කර සිටින්නේ නම්, එය ප්‍රතික්ෂේප කිරීම, ඒ ගැන බිය ගැන්වීම, ඒ ගැන උපදෙස් දීම, එමෙන්ම ඔහුට නිහතමානීකම ගැන සහ ඒවා ලබන්නට උනන්දු නොවන ලෙස අණ කර සිටීම වරදක් නැත.
කිසිවෙකු හෝ ඉමාම් ඔහුට යමක් දීමෙන් පසු 'බයිතුල් මාල්' හෙවත් පොදු අරමුදලින් යමක් ගැනීම සුදුසු නැත. එමෙන්ම 'ඝනීමත්' (යුද පිටියෙන් ලබා ගත් පොදු) භාණ්ඩ බෙදීමට පෙර ඔහුට ඒ සඳහා කිසිදු අයිතියක් නැත.
අවශ්‍යතාවක් සඳහා ඉල්ලා සිටීමේ අවසරය.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: ඉල්ලා සිටින්නා තමන් ඉල්ලා සිටින නුසුදුසු දෑ ගැන ඉමාම් වරයා (පාලකයා) පැහැදිලි කළ යුත්තේ ඔහුගේ අවශ්‍යතාව ඉටු කිරීමෙන් පසුව ය. එය ඔහුගේ උපදෙස ඔහුගේ සිතට කා වදිනු පිණිස ය. එමෙන්ම එය ඔහුගේ අවශ්‍යතාව වළක්වන්නට හෙතුවක් වන බව ඔහු නොසිතනු පිණිසය.
හකීම් (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය. ඔහු අල්ලාහ් සමග හා දූතයාණන් සමග ගිවිසගත් ගිවිසුම පිළිපඳිමින් ඉටු කිරීම.
ඉස්හාක් ඉබ්නු රාහවිය්යා තුමා මෙසේ පවසයි: හකීම් (රළියල්ලාහු අන්හු) තුමා මිය ගිය මොහොතේ එතුමාණන් කුරෙයිෂ්වරුන් අතරින් සිටි අධික සම්පත් තිබූ අයකු විය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...