“සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?’යි විමසා සිටියේය. එතුමා: “ඔබ ආහාර සැපයීම, හඳුනන අයට හා නාඳුනන අයට ඔබ සලාම් පැවසීම වේ.” යැයි පවසා සිටියහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: “සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?’යි විමසා සිටියේය. එතුමා: “ඔබ ආහාර සැපයීම, හඳුනන අයට හා නාඳුනන අයට ඔබ සලාම් පැවසීම වේ.” යැයි පවසා සිටියහ.
Explanation
පළමුවැන්න: දිළිඳුන් හට අධිකව ආහාර සැපයීමය. එහි සදකා නම් දානය, පරිත්‍යාග, ආගන්තුක සත්කාර හා විවාහ සංග්‍රහය යනාදිය ඇතුළත් වේ. සාගින්නෙන් පෙළෙන අවස්ථාවල හා ජීවන වියදම ඉහළ යන අවස්ථාවල එසේ ආහාර සැපයීම වඩාත් උතුම් වේ.
දෙවැන්න: ඔබ හඳුනන හා නාඳුනන සෑම මුස්ලිම්වරයකුටම සලාම් පැවසීම.
Benefits
සලාම් පැවසීම හා ආහාර සැපයීම ඉස්ලාමයේ ක්‍රියා දාමයන් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨතම ක්‍රියාවන් වන්නේය. හේතුව, එහි මහිමයන් ඇති බැවින් හා සෑම මොහොතකම ඒ වෙත මිනිස් අවශ්‍යතා ඇති බැවිනි.
මෙම කරුණු දෙක සමඟ වචනය මෙන්ම ක්‍රියාව ඒකාබද්ධ වෙයි. එය ඉහ්සාන් හෙවත් උපකාරයේ පූර්ණත්වයයි.
මෙම කරුණු මුස්ලිම්වරුන් අතර කටයුතු කිරීම හා බැඳුණු කරුණු අතරට අයත්ය. ගැත්තෙකු තම පරමාධිපති සමග කටයුතු කිරීම හා බැඳුණු කරුණු ද මෙහි ඇත.
සලාම් පවසා ආරම්භ කිරීම මුස්ලිම්වරුන් අතර සුවිශේෂීය. නමුත් දේවත්වය ප්‍රතික්ෂ්ප කරන මිත්‍යාදෘෂ්ටිකයෙකු කෙරෙහි සලාම් පවසා ආරම්භ නොකළ යුතුය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

