ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසානයට වඩා උතුම් වන්නේ නැත
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසානයට වඩා උතුම් වන්නේ නැත."
Explanation
Benefits
සභාවක් මුණ ගැහෙන අවස්ථාවක හා ඉන් හැරී යන අවස්ථාවක එම සභාවේ උදවියට සලාම් පැවසීමට උනන්දු කරවීම.
සින්දී තුමා මෙසේ පවසයි: "නැගිට සිටින්නට සිතූ විට" යන ප්‍රකාශය වනාහි, එනම් වාඩි වී සිටින සභාවකින් නැගිට සිටීම යන්නයි. "පළමුව අවාසානයට වඩා උතුම් වන්නේ නැත." යන ප්‍රකාශය වනාහි, දෙකම නබි පිළිවෙතක් වන අතර යථාර්ථයෙන්ම කළ යුතු ක්‍රියාවකි. නමුත් පළමු සලාමය පැවසීම සහතික කරමින් දෙවන සලාමය අත් හැරීමට මගක් නැත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

