මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අස්සලාමු අලයිකුම්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට පිළිතුරු දුන්හ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "දහයක් හිමිය
Choose an available translation of this Hadeeth
Hadeeth text
ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අස්සලාමු අලයිකුම්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට පිළිතුරු දුන්හ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "දහයක් හිමිය" යැයි පැවසූහ. ඔහු වාඩි විය. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යැයි පැවසීය. එතුමාණෝ ඔහුට ද පිළිතුරු දුන්හ. ඔහු ද වාඩි විය එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "විස්සක් හිමිය" යැයි පැවසූහ. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යැයි පැවසීය. එතුමාණෝ ඔහුට ද පිළිතුරු දුන්හ. ඔහු ද වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "තිහක් හිමිය" යැයි පැවසූහ.
Explanation
Benefits
සලාම්හි වචන වැඩි වන තරමට කුසල් ද වැඩි වනු ඇත.
සලාම් පැවසීමේ පූර්ණ ක්‍රමය "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යන්නයි. පිළිතුරු දීමේ උතුම්ම ක්‍රමය "වඅලෙයිකුමුස් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යන්නයි.
සලාම් පැවසීමේ මට්ටම් විවිධය. එමෙන්ම ඒ සඳහා කුසල් හිමිවීමේ ප්‍රමාණය ද විවිධය.
මිනිසුනට යහපත කියා දීම, වඩාත් උතුම් දෑ ලබන්නට ඔවුන් අවදි කරවීම.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "ආරම්භ කරන්නා (වරහ්මතුල්ලාහ්) යනුවෙන් අමතරව පවසා සිටියේ නම්, ඊට අමතරව (වබරකාතුහු) යනුවෙන් පැවසීම සතුටුදායකය. ඔහු අමතරව (වබරකාතුහු) යැයි පැවසුවේ නම් පිළිතුරු දීමේ දී ඊට අමතරව යමක් ආගමානුගත කර තිබේ ද? එමෙන්ම ආරම්භ කරන්නා (වබරකාතුහු) යන වචනයට වඩා යමක් අමතරව ප්‍රකාශ කර තිබේ නම් එය ඔහුට ආගමානුගත ද? මුවත්තාඃ යන පුස්තකයේ සඳහන් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්ථා කළ හදීසයට අනුව වබරකාතුහු යන පදය සමග සලාමය අවසන් වේ යන්නය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

