අප වෙනුවෙන් ලී කොටවලින් නිවසක් අප තනමින් සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අප අසළින් ගමන් ගත්හ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “අප වෙනුවෙන් ලී කොටවලින් නිවසක් අප තනමින් සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අප අසළින් ගමන් ගත්හ. එවිට එතුමා ‘මේ කුමක්ද?‘ යැයි විමසා සිටියහ. එවිට අපි ‘සැබැවින්ම මෙය ගරා වැටී ඇත. එහෙයින් අපි එය ප්රතිසංස්කරණය කරන්නෙමු.‘ යැයි පැවසුවෙමු. එවිට එතුමා ‘මීටත් වඩා ඉක්මණින් මරණය සිදුවනු මම දකිනු මිස නැත.‘ යැයි පැවසූහ.“
Explanation
අබූ දාවූද් හි වාර්තාවක, “මා සතු බැම්මකට මැටි ගල්වමින් සිටියෙමි.“ එවිට එතුමා “මීටත් වඩා ඉක්මණින් මරණය සිදුවනු මම දකිනු මිස නැත.“ එනම් සැබැවින්ම ලී කොට භාවිතයෙන් ඔබේ නිවස ප්රතිසංස්කරණය කිරීමට මත්තෙන් ඊටත් වඩා සමීපයෙන් මරණය ඇත. ඇතැම් විට ඔබ මරණයට පත්වීමට පෙරාතුවම මෙය ගරා වැටෙන්නට පුළුවන. ඇතැම් විට මෙය ගරා වැටෙන්නට පෙරම ඔබ මරණයට පත්වන්නට පුළුවන. එහෙයින් ඔබේ නිවස ප්රතිසංස්කරණය කිරීමට වඩා ඔබේ මතුලොව ක්රියාවන් විධිමත් කර ගැනීම වඩාත් උචිතය.
මෙහි මතුපිටින් පෙනෙනුයේ,සැබැවින්ම ඔහුගේ එම ගොඩනැගිල්ල ප්රතිසංස්කරණය කිරීමේ අවශ්යතාවක් නොතිබිණි, නමුත් එය ශක්තිමත් කිරීම හෝ තිබූ තත්ත්වයට වඩා අලංකාර කිරීමක් වූ බවය. එහෙයින් මෙලොව අවශ්ය නොමැති දෙයක නිරතවීමට වඩා මතුලොව කරුණු සඳහා නිරත වීම වඩාත් වැදගත් බව ඔහුට එතුමා පැහැදිලි කර සිටියහ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

