ඔහු මෙන් අය මහපොළොව පිරෙන්නට තරම් සිටියත් ඔහුට වඩා මොහු උතුම්ය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
සහ්ල් ඉබ්නු සඃද් අස් සාඉදී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මිනිසෙකු නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා අසළින් ගමන් කළේය. එවිට එතුමා අසළ වාඩිවී සිටි මිනිසෙකු අමතා “මොහු ගැන ඔබ සිතන්නේ කුමක්ද?“ යැයි විමසූහ. එවිට ඔහු, “මිනිසුන් අතර ශ්රේෂ්ඨ මිනිසෙකි. මොහු වැදගත් කෙනෙකි. ඔහු විවාහයක් යෝජනා කළේ නම් විවාහ කරනු ලැබෙයි. ඔහු මැදිහත්වන මෙන් ඉල්ලා සිටියේ නම් ඔහු වෙනුවෙන් මැදිහත්වී කතා කරනු ලැබේ.“ යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ නිහඬ වූහ. පසුව තවත් මිනිසෙකු අසළින් ගියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (තමන් අසළ සිටි) ඔහු දෙස අමතා “මොහු ගැන ඔබ සිතන්නේ කුමක්ද?“ යැයි විමසූහ. එයට “මොහු මුස්ලිම්වරුන් අතර සිටින දිළින්දන් අතුරින් වූ ශ්රේෂ්ඨ මිනිසෙකි. මොහුද වැදගත් අයකි.(නමුත්) විවාහයක් යෝජනා කළේ නම් විවාහ කර ගනු නොලැබේ.තවද මැදිහත් වන මෙන් ඉල්ලා සිටියේ නම් ඔහු වෙනුවෙන් මැදිහත් වී කතා කරනු නොලැබේ.ඔහු යමක් පැවසුවේ නම් ඔහුගේ ප්රකාශයට සවන් දෙනු නොලැබේ“ යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- “ඔහු මෙන් අය මහපොළොව පිරෙන්නට තරම් සිටියත් ඔහුට වඩා මොහු උතුම්ය.“ යැයි පැවසූහ.
Explanation
එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා “ඔහු මෙන් අය මහපොළොව පිරෙන්නට තරම් සිටියත් ඔහුට වඩා මොහු උතුම්ය.“ යැයි පැවසූහ. එනම්: තම සමාජයේ ගරුත්වයක් ඇති ඒ මිනිසා මෙන් වූවන් මහපොළොව පිරෙන්නට තරම් සිටියත් මොහු උතුම්ය යන්නයි. හේතුව නියත වශයෙන්ම අල්ලාහ් ගරුත්වය, ප්රසිද්ධිය, පරම්පරාව, ධනය, හැඩරුව, ඇඳුම, යාන වාහන හා ගෙවල් දොරවල් දෙස නොබලයි. නියත වශයෙන්ම අල්ලාහ් බලනුයේ සිත හා ක්රියාව දෙසය. තවත් හදීසයක මෙසේ සඳහන් වී ඇත. “නියත වශයෙන්ම අල්ලාහ් ඔබේ හැඩරුව දෙස හෝ ඔබේ සම්පත් දෙස හෝ නොබලයි. නමුත් ඔහු බලනුයේ ඔබේ සිත හා ඔබේ ක්රියාව දෙසය.“ මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත. (හදීස් අංක 2564)
තමන් අතර හා අල්ලාහ් අතර වූ විෂයයෙහි සිත නිවැරැදි කර ගනිමින්, අල්ලාහ් වෙත නැඹුරු වෙමින්, අල්ලාහ් මෙනෙහි කරන්නෙකු බවට පත්වෙමින්, ඔහුට බිය වෙමින්, ඔහු වෙත බැගෑපත් වෙමින්, ඔහු තෘප්තියට පත් දෑ ක්රියාවට නංවමින් කටයුතු කරන ඔහුය අල්ලාහ් අබියස ගෞරවණීය පුද්ගලයා වනුයේ. ඔහු අබියස තැනක් ඇත්තේ ඔහුටය. ඔහු අල්ලාහ් මත යමක් දිවූරු විට එය යහපත් අයුරින් ඉටු කරනු ඇත
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

